BBC News, සිංහල - ප්‍රධාන පුවත්
සජීවී., අද රාත්‍රී 7.30 සිට ඉරාන වරායන් වෙත පිවසීම අවහිර කරන බව එක්සත් ජනපද හමුදාව පවසයි
මෙරට වේලාවෙන් අද (රාත්‍රී 7.30) සිට නෞකාවලට ඉරාන වරායන් වෙත පිවසීම අවහිර කරන බව එක්සත් ජනපද හමුදාව පවසයි. මේ අතර "ඔවුන් (ඉරානය) ආපහු සාකච්ඡාවට ආවත් නැතත් මට කමක් නැහැ"යනුවෙන් ජනපති ට්‍රම්ප් කියා සිටියේය.
ප්‍රධාන පුවත
IMF ශ්‍රී ලංකාවට දී ඇති අලුත් කොන්දේසි මොනවා ද? ඒවා සපුරාලීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග මොනවා ද?
බලශක්ති මිල ඉහළ යෑම, සංචාරකයින් සඳහා වන ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයකට බාධා ඇති වීම මෙන්ම මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට බලපෑම් එල්ල වීම තුළින්, මැදපෙරදිග කලාපයේ ගැටුමෙන් ඇතිවන බලපෑම්වලට ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස නිරාවරණය වී ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. මැදපෙරදිග කාලපයේ යුද්ධ ක්ෂේත්‍ර කිහිපයකින් ශ්‍රී ලංකාවට බලපෑ හැකිය.
කලම්බු ඩොක්යාර්ඩ් සමාගමේ බහුතර කොටස් මිල දී ගත් Mazagon Dock ඉන්දීය සමාගම වැඩ අරඹයි
ශ්‍රී ලංකාවේ නෞකා ඉදිකිරීමේ සමාගමක් වන කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ බහුතර කොටස් (51%) හිමිකාරීත්වය Mazagon Dock සමාගම විසින් මිල දී ගැනීමත් සමග සම්පූර්ණ වූ ගනුදෙනුව හේතුවෙන් එහි සභාපතිත්වය ඉන්දීය සමාගමට හිමි වී තිබේ. ඒ අනුව, කලම්බු ඩොක්යාර්ඩ් PLC සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩලය නම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි බහුතරය ඉන්දීය ජාතිකයෝ වෙති.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඔබේ අවුරුදු කැවිලි මේසයේ මිල ඉහළ ගොස් ඇත්තේ මෙහෙමයි
2025 වසරට සාපේක්ෂව 2026 දී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක මිල 7% කින් ඉහළ ගොස් ඇති බව Verite Research PublicFinance.lk වෙබ් අඩවිය විසින් දක්වා ඇති මිල ගණන් සැසඳීමකින් හෙළිව තිබේ.
ආශා බෝස්ලේ: 'සංගීතය කියන්නෙ මට මගේ හුස්ම වගේ. මම සංගීතය වෙනුවෙන් බොහෝ දේ කළා'
සංස්කෘතික සලකුණක් මෙන් ම බොලිවුඩයේ අග්‍රගණ්‍ය ගායිකාවක වූ, 92 හැවිරිදි වියේ පසු වූ ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වූ බව ඇගේ පුත්‍රයා තහවුරු කළේ ය. ඉන්දියානු පසුබිම් ගායනයේ අසමසම රැජින, හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මුම්බායිහිදී මිය ගියා ය.
IVF සායන මගින් පවුල්වලට වැරදි දායකයින්ගේ ශුක්‍රාණු ලබා දීම: 'මොකක් හරි වැරැද්දක් වෙලා කියලා මම දැනගෙන හිටියා'
කාන්තාවන් දෙදෙනා ඔවුන්ගේ ම ඩිම්බ භාවිත කළ අතර සෞඛ්‍ය සම්පන්න නිර්නාමික ශුකාණු දායකයෙකු ප්‍රවේශමෙන් තෝරා ගත්හ. ශුකාණු ඇණවුම් කළ සායනයට ඔවුන් පැවසුවේ දරුවන් දෙදෙනා සඳහා ම එක ම පරිත්‍යාගශීලියෙකු යොදා ගැනීම වැදගත් බවයි. එවිට ඔවුන්ගේ දරුවන් ජීවවිද්‍යාත්මකව සම්බන්ධ වේ.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ලාල් කාන්තගේ නිවස, වත්කම් බැරකම් සහ 'සමාජ ප්රාග්ධනයේ' නීත්‍යනුකූලභාවය
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකු පුටුවල අසුන්ගෙන ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහිදී, ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ 'සරලකම', 'නිහතමානීත්වය' පිළිබඳ අදහස් පළ වී තිබෙනු දැක ගත හැකි විය. කෙසේ වෙතත්, දින කිහිපයක් තුළ අදාළ ඡායාරූප හරහා ආණ්ඩුවට යම් විරෝධයක් පළ වන පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට පටන් ගත්තේ ය.
NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?
ශ්‍රී ලංකා වාණිජ බැංකු ඉතිහාසයේ විශාලතම මෙහෙයුම් අක්රමිකතාව බව පැවසෙන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.
කොන්ඩම් මිල ඉරාන යුද්ධය නිසා ඉහළ යන්නේ ඇයි?
ඉරාන යුද්ධය ලොව කර්මාන්ත රැසක් කම්පනයට පත් කර තිබේ. දැන් එහි බලපෑම ජීවන රටාව ආශ්රිත කර්මාන්ත සඳහා දැනෙමින් පවතී. උපත් පාලන කොපු කර්මාන්තය තුළ ද අමුතුම ආකාරයේ නොසන්සුන්තාවයක් මතු වී තිබේ.
QR ගෙවීම් ගැන පාරිභෝගික සහ ව්‍යාපාරික ඔබ දැන ගත යුතු ම කරුණු 3ක්
ශ්‍රී ලංකාව තුළ 'ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය' අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්
පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.




















































