ජෙෆ්රි එප්ස්ටීන් සමග සම්බන්ධතා පැවති බව මෙලනියා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බර්න්ඩ් ඩීබස්මන් ජූනියර්
- Role, ධවල මන්දිරයේ සිට
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඇමෙරිකානු ජනාධිපති ආර්යා බිරිඳ මෙලනියා ට්‍රම්ප්, තමන්ට ජෙෆ්රි එප්ස්ටීන් සමග සම්බන්ධතා පැවති බව ප්‍රතික්ෂේප කරමින්, එවැනි ප්‍රකාශ "අද ම අවසන් විය යුතු" බව ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට පැවසුවා ය.
බ්‍රහස්පතින්දා සිදු කරන ලද හදිසි නිවේදනයකදී, එප්ස්ටීන්ගේ ලිංගික ජාවරම්වලින් දිවි ගලවා ගත් අයට කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් හමුවී තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියා ය.
එමෙන් ම, එප්ස්ටීන් තමන්ට ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දුන් බවට අන්තාර්ජලයේ පළවන කටකතා ද ප්‍රතික්ෂේප කරමින්, ඒවා තම "කීර්ති නාමයට කැළලක් ඇති කිරීමට ගත් ම්ලේච්ඡ උත්සහයන්" ලෙස ඇය හැඳින්වීය.
මෙම නිවේදනය නිකුත් කිරීමට හේතු වූයේ කුමක් ද යන්න පැහැදිලි නැත.
මෙම මැදිහත් වීම සම්බන්ධයෙන් එප්ස්ටීන්ගේ ලිංගික අපරාධවලින් දිවි ගලවා ගත් අය මිශ්‍ර ප්‍රතිචාර දක්වා තිබේ. දිවි ගලවා ගත් අයෙකු වන ලීසා ෆිලිප්ස් මෙම ප්‍රකාශය "නිර්භීත පියවරක්" ලෙස විස්තර කළ ද ජනාධිපති ආර්යාවට එප්ස්ටීන්ට විරුද්ධව චෝදනා නගන පිරිස් වෙත සහය වීමට තවත් කුමක් කළ හැකි ද යන්න ප්‍රශ්න කළා ය.
ඇය එප්ස්ටීන් පිළිබඳ ප්‍රකාශයක් කරන බවට ඇගේ කාර්යාලයෙන් ඊට පෙර කිසිදු ඉඟියක් ලැබී නොතිබූ අතර, ඇයගේ ප්‍රකාශය ධවල මන්දිරයේ දෛනික න්‍යාය පත්‍රයට ඇතුළත් කළ බව ද ප්‍රකාශ නොකෙරිණි.
ජනාධිපති ට්‍රම්ප් MS Now වෙත පැවසුවේ, තම බිරිඳගේ ප්‍රකාශය ගැන ඔහු මීට පෙර දැන නොසිටිය බවයි.
2000 වසරේදී "කෙටි වේලාවකට සිදු වූ හමුවක් හැර" තමන් එප්ස්ටීන්ගේ වින්දිතයෙකු නොවන බව මෙලනියා පැවසීය.
"එප්ස්ටීන් තම වින්දිතයන්ට කළ අපයෝජන පිළිබඳව මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ," ඇය පැවසුවා ය. "මගේ කිසිදු ආකාරයක සම්බන්ධයක් නැහැ. මම සහභාගි වූවෙකුත් නෙවෙයි."
අපකීර්තියට පත් මෙම මූල්‍යකරුගේ සිරගත කරන ලද සහකාරිය වන ගිලේන් මැක්ස්වෙල් දන්නා බව ද ඇය ප්‍රතික්ෂේප කළා ය.

ඡායාරූප මූලාශ්‍රය, Davidoff Studios/Getty Images
එප්ස්ටීන් ලිපිගොනුවලින් හෙළි වූ, 2002දී මැක්ස්වෙල් සහ තමන් අතර හුවමාරු වූ ඊමේල් පණිවිඩයක් පිළිබඳව සඳහන් කරමින්, ඇය එය "නිල නොවන පණිවිඩ හුවමාරුවක්" සහ "විනීත ප්‍රතිචාරයකට" වඩා යමක් නොවන බව පැවසුවා ය.
ඇය සඳහන් කළ ඊමේල් පණිවිඩය බව පෙනෙන පණිවිඩය, "G" වෙත යොමු කර තිබුණු අතර [G අක්ෂරයෙන් ගිලේන්ගේ නම අදහස් විය හැකි ය] එහි නිව් යෝර්ක් සඟරාවේ පළ වූ Gගේ ඡායාරූපයක් සහිත "JE" ඇතුළත් කතාවක් පිළිබඳ ප්‍රශංසා කිරීමක් ඇතුළත්ව තිබිණි. පාම් බීච් යනතුරු ඇයට "ඉවසිල්ලක් නැති බව" ඇය ලිවීය.
"ඔබ නැවත NY වෙත පැමිණි විට මට ඇමතුමක් දෙන්න," යැයි ඊමේල් පණිවිඩයේ සඳහන් විය. "සුබ දවසක්! ආදරෙන්, මෙලනියා."
නිව් යෝර්ක් සඟරාවේ පළ වූ එම ලිපියේ, වත්මන් ජනාධිපති වන ට්‍රම්ප් විසින් එප්ස්ටීන් "විශිෂ්ට පුද්ගලයෙක්" ලෙස හඳුන්වනු ලැබීමත්, "ඔහු සමග සිටීම ඉතා විනෝදජනක," බවත් යැයි පැවසූ උපුටා දැක්වීම් ද ඇතුළත් විය.

ඡායාරූප මූලාශ්‍රය, US Department of Justice
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"ඔහු මම වගේ ම රූමත් කාන්තාවන්ට කැමති බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනා වයසින් අඩු බවත් එහි සඳහන් වුණා," යැයි ලිපියේ ඔහු උපුටා දක්වමින් සඳහන් කර ඇත. "ඒ ගැන සැකයක් නැහැ — ජෙෆ්රි තම සමාජ ජීවිතය විඳිනවා."
ඊට අමතරව බ්‍රහස්පතින්දා මෙලනියා ට්‍රම්ප් නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේ, "මෙම වින්දිතයින්ට කොංග්‍රසය ඉදිරියේ දිවුරුම් දී සාක්ෂි දීමට අවස්ථාව ලබා දෙන්න".
"සෑම කාන්තාවකට ම, අවශ්‍ය නම්, තම කතාව ජනතාව ඉදිරියේ පවසන්නත්, එම සාක්ෂිය කොංග්‍රස් ලේඛනවලට ස්ථිරව ම ඇතුළත් කරන්නත්, තමන්ගේ ම දිනයක් තිබිය යුතුයි," ඇය පැවසුවා ය. "එවිට, පමණක්, අපට සත්‍යය දැන ගැනීමට ලැබේවි."
මෑත මාසවලදී, එප්ස්ටීන් සමග තිබූ සම්බන්ධතා පිළිබඳ නව තොරතුරු හෙළි වීමෙන් පසු, ප්‍රසිද්ධ ව්‍යාපාරික බලවතුන් කිහිප දෙනෙකුට ම තම තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදුවිය — මේ ගැන ද මෙලනියා ට්‍රම්ප් සිය ප්‍රකාශයේදී සඳහන් කළා ය.
"ඇත්තෙන් ම, මේක කෙනෙක් වරදක් කළා කියලා කියන්න තරම් ප්‍රමාණවත් නැහැ. නමුත් සත්‍යය හෙළිදරව් කර ගැනීමට අපි විවෘතව සහ පාරදෘශ්‍ය ලෙස වැඩ කළ යුතුයි," ඇය පැවසුවාය.
ඇය වාර්තාකරුවන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා නොදුන්නා ය.
ඇයගේ තම ප්‍රකාශය සිදු කර කෙටි වේලාවකින් පසු නිකුත් කළ ප්‍රකාශයක, හවුස් ඔවර්සයිට් කමිටුවේ බලවත් ම ඩිමොක්‍රටික් නියෝජිතයා වන කැලිෆෝනියා නියෝජිත රොබර්ට් ගාර්සියා පැවසුවේ, "මෙලනියා ට්‍රම්ප් [වින්දිතයින්ට] අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම සමග අපි එකඟවෙනවා."
ඔහු, එම කමිටු සභාපතිවරයා වන රිපබ්ලිකන් නියෝජිත ජේම්ස් කොමර්ගෙන්, "ජනාධිපති ආර්යාවගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා, ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙස," ඉල්ලා සිටියේ ය.
BBC Radio 4හි Today වැඩසටහනට සහභාගී වෙමින්, ෆිලිප්ස් සඳහන් කළේ ජනාධිපති ආර්යාවගේ මැදිහත් වීම ඇයව පුදුමයට පත් කළ බවයි.
"මම ඒක දිහා ටිකක් ශුභවාදීව බලනවා, සහ 'හරි, අපි බලමු අයට කළ හැක්කේ කුමක් ද කියලා,' සමහර විට ඇයට පොඩි පීඩනයක් දීලා බලමු," ඇය පැවසුවා ය.
දිවි ගලවාගත් අය දැනටමත් තම අදහස් ප්‍රකාශ කිරීමට කොංග්‍රසය වෙත ගොස් ඇති බවත්, බොහෝ දෙනා තොරතුරු හෙළිදරව් නොකිරීමේ ගිවිසුම්වලට අත්සන් කර ඇති හෝ තම "අපයෝජකයන්" ගැන "කතා කිරීමට ඇති බිය" නිසා, තවත් ප්‍රසිද්ධ විභාගයකට වඩා "පෞද්ගලිකව කෙරෙන සාක්ෂි විභාගයක්" පැවැත්විය යුතු බවත් ඇය යෝජනා කළා ය.
දිවි ගලවාගත් අයට "උපකාර කරන" ලෙසත්, ඇගේ කතාව "තවත් දේශපාලන නාට්‍යයක්" පමණක් නොවන බවට සනාථ කරන ලෙසත්, ඇය ජනාධිපති ආර්යාවගෙන් ඉල්ලා සිටියා ය.
"මෙය ඉදිරියට ගෙන යාමට ඔබට කළ හැක්කේ කුමක් ද?" යන ප්‍රශ්නයට පිළිතුරු දීමට මෙලනියා ට්‍රම්ප්ට තමා "පීඩනයක්" ගෙන ඒමට කටයුතු කරන්නේ යන්නේ යැයි ෆිලිප්ස් පැවසුවා ය.
වර්ජිනියා ජුෆ්රීගේ පවුලේ සාමාජිකයින් සහ අනෙකුත් දිවි ගලවා ගත් අය BBC Newsnight වෙත පැවසුවේ, "ඔවුන් දැනටමත් ඉදිරියට පැමිණ, පැමිණිලි ගොනු කරමින් සහ සාක්ෂි දෙමින් අසාමාන්‍ය ධෛර්යයක් පෙන්නුම් කර ඇත."
"දැන් ඔවුන්ගෙන් තවත් ප්‍රශ්න කිරීම යුක්තිය නොව වගකීම පැහැර හැරීමකි," ඔවුහු නිවේදනයක් නිකුත් කරමින් පැවසූහ. එප්ස්ටීන්ට අදාළ සියලු ම විමර්ශන ලිපිගොනු තවමත් නිකුත් කර නොමැති බව පැවසූ ඇගේ සැමියාගේ පරිපාලනයේ සාමාජිකයින් ඇතුළු "බලය ඇති අය" ආරක්ෂා කරන බවට ඔවුහු ජනාධිපති ආර්යාවට චෝදනා කළහ.
ජනාධිපති ආර්යාව සහ සහ එප්ස්ටීන් අතර සම්බන්ධතාව දැනටමත් නීතිමය සටන්වලට හේතු වී තිබේ.
උදාහරණයක් ලෙස, 2025 ඔක්තෝබර් මාසයේදී, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ එප්ස්ටීන් හරහා හමුවූ බවට "තහවුරු නොකළ" ප්‍රකාශ ඇතුළත් පොතක ඡේද ඉල්ලා අස්කර ගන්නා බව HarperCollins UK පැවසීය. ඒ හා සමානව, Daily Beast සඟරාව ද, "අපගේ ප්‍රමිතීන් සමග නොගැලපුණු" බව පවසමින්, ලිපියක් ඉවත් කර ගන්නා බව සඳහන් කර සමාව ඉල්ලී ය.
ඇය, මයිකල් වුල්ෆ්ගේ Fire and Fury නම් ග්‍රන්ථයේ, එප්ස්ටීන්ට සම්බන්ධ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජිතයෙකු හරහා තම සැමියාට හඳුන්වා දුන් බවට කරන ලද චෝදනාවක් සම්බන්ධයෙන් නඩු විභාගයකට තවමත් මුහුණ දෙමින් සිටී.
ඇය ඩොලර් බිලියන 1ක (පවුම් මිලියන 74ක) අපහාස නඩුවක් පවරන බවට තර්ජනය කිරීමෙන් පසුව, වුල්ෆ් ඇයට එරෙහිව නඩු පැවරීමට පියවර ගත්තේ ය.
"මෙම පදනම් විරහිත සහ අසාධාරණ බොරු ප්‍රකාශවලට එරෙහිව මගේ නීතිඥයින් සහ මම සාර්ථකව සටන් කර තිබෙනවා, සහ මගේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමට අපි දිගට ම කටයුතු කරනවා," යැයි ඇය බ්‍රහස්පතින්දා පැවසුවා ය.
ධවල මන්දිරයේදී ඇය කළ මෙම ප්‍රකාශය ජනාධිපති ආර්යාවක සම්බන්ධ අතිශය දුර්ලභ සිදුවීමක් වූයේ, එය තම සැමියා ධවල මන්දිරයට නැවත පැමිණි දා සිට එතරම් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බලගතු බව ඔප්පු කර ඇති ජනාධිපති ආර්යාවක සහභාගී වූ සිදුවීම් අතළොස්සක් අතරින් එකක් වීම හේතුවෙනි.
ජනාධිපති ආර්යාවගේ මෙම ප්‍රකාශය, අධිකරණ දෙපාර්තමේන්තුවේ මෙම විමර්ශනය හැසිරවීම සහ පසුව එහි ලිපිගොනු නිකුත් කිරීම පිළිබඳව දැඩි මහජන විවාදයක් නැවත ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්, එක් අවස්ථාවකදී එප්ස්ටීන් දැන සිටි බව පිළිගත්ත ද, පසුව ඔහු "අමුතු පුද්ගලයෙකු" වීම හේතුවෙන් පාම් බීච්හි තම මාර්-ඒ-ලාගෝ සමාජ ශාලාවෙන් ඔහු ඉවත් කළ බව ප්‍රකාශ කළේ ය.
එප්ස්ටීන් ලිපිගොනුවලදී ජනාධිපතිවරයාගේ නම බොහෝ වාරයක් සඳහන් වී තිබුණ ද, ඔහු කිසිදු ආකාරයක වරදක් සිදු කළ බවට පිළිබඳ කිසිදු ඇඟවීමක් නොතිබිණි.

































