ඇමෙරිකා එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා: ඉස්ලාමාබාද් සාම සාකච්ඡා කාමරයේ සිටිනු ඇත්තේ කවුද?
මෙම අර්බුදය ඇති වූ දා සිට ඉහළ ම මට්ටමේ සාකච්ඡා සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය හමුවන බැවින්, මෙම සති අන්තයේ ඉස්ලාමාබාද්හි සාකච්ඡා කාමරයේ සිටිනු ඇතැයි අපේක්ෂා කරන පිරිමින් පස් දෙනෙකු සිටින අතර, ඔවුන්ට මෙම ගැටුමේ දිශානතිය පවා වෙනස් කළ හැකි ය.
ඉරානයෙන් පැමිණෙන අබ්බාස් අරග්චි මෙහි ප්‍රධාන චරිතයකි.
ඇමෙරිකාව නියෝජනය කරමින් උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහභාගී වන අතර, සාකච්ඡාවලදී ඔහු ප්‍රධාන චරිතයක් වනු ඇත.
ඉරාන පාර්ශවයෙන් එරට පාර්ලිමේන්තුවේ කථානායක මොහමඩ් බාගර් ගලීබාෆ් ද මෙයට ඇතුළත් ය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප මිතුරෙකු වන ස්ටීව් විට්කොෆ් ගාසා සටන් විරාමය, යුක්‍රේනය පිළිබඳ සාකච්ඡා සහ දැන් ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ඇතුළු ප්‍රධාන ගෝලීය ගැටලුවලදී ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අයෙකි.
ව්‍යාපාරිකයෙක්, ආයෝජකයෙක් සහ ට්‍රම්ප්ගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් ද එහි සිටියි.
මෙම පුද්ගලයින් පස්දෙනාගේ හමුදා අත්දැකීම්, දේශපාලන බලපෑම, ව්‍යාපාර සහ රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග මෙහිදී එක ම කාමරයකට පැමිණෙයි.
ඉස්ලාමාබාද් සාකච්ඡා, අනාගතයේදී එක්සත් ජනපදය හා ඉරානය අතර පවතින සබඳතාවල ස්වරූපය තීරණය කරනු ඇති අතර එය සමස්ත ලෝකයේ ම අනාගතය සඳහා බලපෑම් කරනු ඇත.









