දිල්ලිය කැළඹූ කැරපොතු පක්ෂයේ Gen Z තරුණයන්ගේ විරෝධතාවයේ ඇතුළාන්තය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දිල්ලියේ පැවැත්වෙන විරෝධතා දෙවන දිනටත් ක්‍රියාත්මක වන පසුබිමක, රටේ ප්‍රධාන මැතිවරණ නිලධාරියා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ය යන සිය ඉල්ලීමෙන් තමන් කිසිසේත් ඉවත් නොවන බව ඉන්දියාවේ 'Gen Z' (තරුණ පරපුර) මෙහෙයවන 'කැරපොතු ජනතා පක්ෂය' (CJP) ප්‍රකාශ කරයි.
මෙම නවතම විරෝධතා දියත් වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය මුල් කර ගනිමින් මීට පෙර 'කැරපොතු ජනතා පක්ෂය' (CJP) මෙහෙයවූ විරෝධතාවලින් පසුව වන අතර, එම විරෝධතා අවසන් වූයේ, ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමග ය.
මිලියන සංඛ්‍යාත ජනතාවකගේ නම් ඡන්ද හිමි නාම ලේඛනවලින් අතුරුදන් වී ඇති බව වාර්තා වීමෙන් පසුව, කැරපොතු ජනතා පක්ෂය මෙවර ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ නිලධාරියාට ඉල්ලා අස්වන ලෙස බලකර සිටියි.
මෙම කණ්ඩායම විපක්ෂ දේශපාලන පක්ෂ ද සමග එක්ව, ඡන්ද හිමි නාම ලේඛන යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය පක්ෂග්‍රාහී බවට චෝදනා කරයි. කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව සහ රජය යන දෙපාර්ශවය ම එම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් පවසන්නේ මෙම පියවර මියගිය, දෙවරක් ලියාපදිංචි වී ඇති සහ සුදුසුකම් නොමැති ඡන්දදායකයින් ඉවත් කිරීම සඳහා සිදුකරන සාමාන්‍ය කාර්යයක් පමණක් බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
විරෝධතා දිගින් දිගට ම පැවැත්වීමත් සමග, දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ වුව ද විරෝධතාකරුවන් රැස්ව සිටින දිල්ලියේ විවිධ ප්‍රදේශවල ආරක්ෂක නිලධාරීන් දහස් ගණනක් අනුයුක්ත කිරීමට සහ මාර්ග බාධක යෙදවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
විරෝධතාකරුවන් දහස් ගණනක් පොලිස් භාරයට ගැනිණි.
මුම්බායි ඇතුළු අනෙකුත් නගරවල ද මෙවැනි ම විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබූ අතර, එහිදී ද තවත් පුද්ගලයන් රැසක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
මේ 'කැරපොතු විරෝධතාවල' දසුන් කෙටියෙන් දැක ගත හැකි ඡායාරූප කිහිපයකි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters


































