රුමේෂ් තරංග පතිරගේ: 'වර්ල්ඩ් රෙකෝඩ් එකත් බ්‍රේක් කරන්නයි බලාපොරොත්තුව'

වීඩියෝ ශීර්ෂ වැකිය, ඔලිම්පික් රන් පදක්කමක් දිනන රුමේෂ්ගේ සැලැස්ම
රුමේෂ් තරංග පතිරගේ: 'වර්ල්ඩ් රෙකෝඩ් එකත් බ්‍රේක් කරන්නයි බලාපොරොත්තුව'
    • Author, බීබීසී සිංහල
  • Published

මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඉන්දියාවෙන් අභියෝගාත්මක ක්‍රීඩකයෙකු බිහිවනු ඇතැයි, හෙල්ල විසිකිරීමේ ආසියානු රන්පදක්කම් ලාභී රුමේෂ් තරංග පතිරගේ බීබීසී සිංහල වෙත පැවසීය.

ඔහු කියා සිටියේ, යුරෝපයෙන්, ඇමෙරිකාවෙන් හෝ කැරබියානු කලාපයෙන් එවැනි අභියෝගයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි.

රුමේෂ් තරංග මේ බව කියා සිටියේ, බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

2026 වසරේ ලෝකයේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටි ක්‍රීඩකයින් දස දෙනා අතරට රුමේෂ් ද ඇතුළත්ව සිටියි.

ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ අපේක්ෂාව ඇතුළු සිය අනාගත බලාපරොත්තු ගැන ඔහු මෙහිදී අදහස් පළ කළේය.