අධිකරණයට අපහාස කළා යැයි කෙහෙළියට නඩු

ඡායාරූප මූලාශ්රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ක්රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා සංවිධානය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ඖෂධ මිල දී ගැනීමේදී සිදුවූ අක්රමිකතාවක් තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් රුපියල් මිලියන 75ක් ද, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුත්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න සහ ප්රධාන විධායක නිලධාරී වෛද්ය විජිත් ගුණසේකර රුපියල් මිලියන 50 බැගින් ද රජය වෙත වන්දි ගෙවිය යුතු බවට ශ්රේෂ්ඨාධිකරණය ඉකුත් මාර්තු මස 27 වන දා තීන්දුවක් ලබා දී තිබිණි.
වගඋත්තරකරුවන් මෙම තීන්දුවට අනුව කටයුතු නොකිරීම තුළින් ඔවුන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් එම පෙත්සමේ සඳහන් වේ.
ඒ අනුව අධිකරණ නියෝග ක්රියාත්මක කිරීම පැහැර කරනු ලැබූ අදාළ වග උත්තරකරුවන්ට එරෙහිව 2024 අංක 08 දරණ අධිකරණ ආයතන වලට අපහාස කිරීම පිළිබඳ පනත සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105(3) ව්යවස්ථාව යටතේ සුදුසු නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙසත් අදාළ පෙත්සම තුළින් වැඩිදුරටත් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
අධිකරණ තීන්දුවේ සඳහන් වූයේ කුමක් ද?
බාල ඖෂධ මිල දී ගැනීමේ නඩුවට (SC/FR/65/2023) අදාළව 2026 මාර්තු 27 වන දින ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවේ සඳහන් නියෝගවලට අනුකූල වීමට අපොහොසත් වීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු සෞඛ්ය අමාත්යවරයා, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු සභාපතිවරයා සහ හිටපු ප්රධාන විධායක නිලධාරීවරයා මෙන් ම වෛද්ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව, අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා (TISL) ආයතනය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
බාල ඖෂධ මිල දී ගැනීමේ නඩුවට (SC/FR/65/2023) අදාළව 2026 මාර්තු 27 වන දින ශ්රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ සඳහන් නියෝගවලට අනුකූල වීමට අපොහොසත් වීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු සෞඛ්ය අමාත්යවරයා, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු සභාපතිවරයා සහ හිටපු ප්රධාන විධායක නිලධාරීවරයා මෙන් ම වෛද්ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව, අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනය (TISL) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මෙලෙස පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ශ්රේෂ්ඨාධිකරණය විසින් රජයට ගෙවන ලෙස නියෝග කරන ලද මුදල් ගෙවීමට එකී වගඋත්තරකරුවන් පස් දෙනා අපොහොසත් වීම හේතුවෙනි.
බාල ඖෂධ මිල දී ගැනීමට එරෙහි නඩුවේ තීන්දුව මගින් ශ්රේෂ්ඨාධිකරණය හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ලට රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවන ලෙස නියෝග කළ අතර, අනෙක් වගඋත්තරකරුවන් හතර දෙනාට එක් අයෙකුට රුපියල් මිලියන 50 බැගින් රජයට ගෙවන ලෙස නියෝග කරන ලද බව ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනය පෙන්වා දෙයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අදාළ ක්රියාපටිපාටීන් මගහැර හදිසි පදනමක් මත මෙලෙස ඖෂධ මිල දී ගැනීමේ අවශ්යතාවක් තිබූ බව තහවුරු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත්, පෞද්ගලික සැපයුම්කරුගෙන් මෙම මිල දී ගැනීමට පහසුකම් සැලසීමේදී අදාළ වගඋත්තරකරුවන් දැනුවත්ව ම ප්රසම්පාදන සම්මතයන් උල්ලංඝනය කර ඇති බවත් අධිකරණ තීන්දුවේ සඳහන් වී තිබිණි.
ඒ අනුව, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිවාසිකම වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බව අධිකරණය තීන්දු කළේ ය.
අධිකරණ තීන්දුවෙන් පසුව, අදාළ ගෙවීම් කිරීමට ශ්රේෂ්ඨාධිකරණය දුන් නියෝගය වගඋත්තරකරුවන් ඉටු කර නොමැති බව ශ්රේෂ්ඨාධිකරණයෙන් සහ සෞඛ්ය අමාත්යාංශයෙන් තහවුරු කර ගැනීමෙන් අනතුරුව, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත සමග කියවිය යුතු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105 (3) ව්යවස්ථාව යටතේ TISL ආයතනය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
ශ්රේෂ්ඨාධිකරණය නියමිත කාලයක් ලබා දී නොමැති පසුබිමක, එකී ගෙවීම් වහා ම සිදු කළ යුතුව තිබූ බව TISL ආයතනය ශ්රේෂ්ඨාධිකරණයට කළ සිය පෙත්සම මගින් පෙන්වා දෙයි.
එබැවින් මෙම ගෙවීම් නොකර සිටීම අධිකරණ තීන්දුව සචේතනිකව නොතකා හැරීමක් බව බව TISL ආයතනය පවසයි.
මෙම වගඋත්තරකරුවන් පස් දෙනා ශ්රේෂ්ඨාධිකරණයේ නිශ්චිත නියෝග පිළිපැදීමට අපොහොසත් වීම, නොසලකා හැරීම හෝ ප්රතික්ෂේප කිරීම අධිකරණයට අපහාස කිරීමක් බව පෙත්සම මගින් චෝදනා කර සිටියි.
එමෙන් ම, මෙම දිගින් දිගට ම සිදුවන නියෝග නොසලකා හැරීම මගින් ශ්රේෂ්ඨාධිකරණයේ බලධාරීත්වය අගෞරවයට හෝ නොතැකීමකට ලක් කර ඇති බවට ද මෙම සංවිධානය චෝදනා කරයි.


































