'ආදරණීය අම්මා' වෙනුවෙන් බොලිවුඩ් පුරය වැළපෙයි

Reema Lagoo

ඡායාරූප මූලාශ්‍රය, Hum Sath Sath Hain (film)

Published

ජනප්‍රිය හින්දි චිත්‍රපට රැසක මවගේ චරිතයට පණ පෙවූ දිවියෙන් සමුගත් බොලිවුඩ් නිළි රීමා ලාගු වෙනුවෙන් ශෝකය පළ වෙමින් පවතී.

ඇයගේ වියෝව සම්බන්ධයෙන් බොලිවුඩ් රසිකයෝ සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය පළ කර සිටිති.

මැයි 17 වෙනිදා රාත්‍රියේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රීමා ලාගු මිය ගිය අතර ඒ වන විට ඇය පනස් නව වෙනි වියේ පසු විය.

චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍ය මාලා රැසක ප්‍රධාන චරිත අතර 'ආදරණීය මවගේ' චරිතයට පණ පෙවූ නිළියක ලෙස ඇය රසිකයන් අතර ප්‍රචලිතය.

කුච් කුච් හෝතා හේ, හම් ආප්කේ හේන් කෝන්, මෙයිනේ ප්යාර් කියා වැනි ජනප්‍රිය චිත්‍රපට ඒ අතර වේ.

සල්මන්ගේ 'රිදී තිරයේ මව'

රීමා ලාගු සිනමා දිවියට පා තැබුවේ හැත්තෑව දශකයේදී.

line
line

චිත්‍රපට ගණනාවක එක්ව රඟපෑ ජනප්‍රිය සිනමා නළු සල්මන් ඛාන්ගේ 'රිදී තිරයේ මව' ලෙසත් ඇය හඳුන්වනු ලබයි.

සල්මන් ඛාන්ගේ මවගේ චරිතය සඳහා ඇය පළමු වරට පෙනී සිටියේ මීට වසර විසි අටකට පෙර තිරගත වූ චිත්‍රපටයකය.

ඒ වන විට ඇය තිස් එක් වෙනි වියේ පසු විය.