බොලිවුඩ් තරුව ඕම් පූරි සමුගනියි

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

බොලිවුඩ් පුරවරයේ ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ඕම් පූරි අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ ඥාතියෙක් බීබීසීයට පැවසීය.

මුම්බායි නුවර පිහිටි සිය නිවසේ දී ඔහුට හදිසියේ හටගත් හෘදයාබාධයක් හටගත් බව වාර්තාවල දැක්වේ.

ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට විශාල ප්‍රමාණයකට මෙන්ම හොලිවුඩ් සහ බ්‍රිතාන්‍ය නිර්මාණවලටද රංගනයෙන් දායක වූ ඕම් පූරි මිය යන විට 66 හැවිරිදි වියේ පසුවිය.

Om Puri acted with Helen Mirren in The Hundred-Foot Journey

ඡායාරූප මූලාශ්‍රය, AFP

රිචර්ඩ් ඇටෙන්බරා අධ්‍යක්ෂණය කළ 'ගාන්ධි' සිනමා නිර්මාණය සහ බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය චිත්‍රපටයක් වූ 'East is East' ඔහු රංගනයෙන් දායක වූ බටහිර නිර්මාණ අතර වේ.

බීබීසී ටෙලි නාට්‍යයකද ඔහු චරිතයක් රඟපෑවේය. බ්‍රිතාන්‍ය සිනමාවට ඔහු දැක් වූ දායකත්වය අගය කරමින් 2004 දී ඕම් පූරි OBE සම්මානයකින්ද පිදුම් ලැබුවේය.