උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්

Published
උතුරු කොරියාව බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු හමුදා උපුටා දක්වන යොන්හැප් පුවත් සේවය පැවසීය.
කෙතරම් දුරකට මිසයිලය ඇදී ගියේද යන්න පැහැදිලි නැතත් ඇමෙරිකානු රජයේ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ පරීක්ෂණය අසාර්ථකවූ බවය.
සෙනසුරාද අලුයම උතුරු කොරියාවේ අගනුවරට උතුරින් වූ පියොන්ගැන් පලාතෙන් මිසයිලය නිකුත්වී ඇති බව දකුණු කොරියානු හමුදා මාණ්ඩලික ප්‍රධානී පවසා ඇත.
මේ නවතම මිසයිල අත්හදා බැලීම සිදුවූයේ, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අපේක්ෂා අත්හැරීම සඳහා ඒ වෙත බලපෑම් කිරීමට සහායවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලොව අනෙකුත් රටවලින් ඉල්ලා පැය කිහිපයක් ඉකුත්වීමෙන් අනතුරුවය.
























