නවසීලන්තයේ නගරයක් ජලයෙන් යටවෙයි

Published
නවසීලන්තයේ උතුරු දූපතට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් පසු ගං ඉවුරු බිඳීයාම නිසා එජ්කුම්බ් (Edgecumbe) නගරය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.
ට්‍රැක්ටර් සහ බෝට්ටු යොදා ගනිමින් නගරවාසීන් සියලුදෙනාම ඉවත්කර වෙනත් ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන ගොස් තිබේ.
ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශයේ ඇති පාලම් බිඳි ගොස් ඇති අතර විදුලි බලය ඇනහිට තිබේ.
ඩෙබී සුළි කුණාටුව
මෙම ප්‍රදේශයට ධාරානිපාත වැසි හටගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් මුහුදු තීරය හරහා ඩෙබී සුළි කුණාටුව හමායාමෙන් අනතුරුවය.
නවසීලන්තයේ දකුණු දූපතට ද වැසි සහිත චණ්ඩමාරුත හට ගෙන ඇති බව වාර්තා වෙයි.
කාලගුණ විද්‍යාඥයන් පවසා ඇත්තේ මෙය වසර පන්සියයකට වරක් ඇතිවන දැඩි අයහපත් කාලගුණික තත්වයක් බවය.
























