තල්මසුන් රැල්ලක් නවසීලන්ත වෙරළට
Published
නවසීලන්තයේ දකුණු දූපතේ 'ෆෙයාර්වෙල් ස්පිට්' නම් වෙරළට පාවී ආ තල්මසුන් 400 කට වැඩි සංඛ්‍යාවක් අතරින් තවමත් ජීවත්වන තල්මසුන්ගේ දිවි බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටින සියගණනක් පිරිස් කටයුතු කරමින් සිටිති.
දැනටමත් 300 ක් පමණ තල්මසුන් සංඛ්‍යාවක් මරණයට පත්වී ඇති බව වාර්තාවේ.
සත්ව ආරක්ෂක සංවිධාන වලට අයත් සියගණනක් නිලධාරීන් සහ ලොවපුරා නන්දෙසින් පැමිණි පිරිස් ඉතිරි තල්මසුන් බේරා ගැනීමට සිකුරාදා උදෑසන සිට දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.
තල්මසුන් මෙසේ වෙරළ වෙත පාවී ඒමට හේතුව පැහැදිලි නැති බව විද්‍යාඥයෝ පවසති.
