දරුවාගේ 'ඔටිසම්' තත්ත්වය සුව කරන්න දෙමව්පිය සහය

autism
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඔටිසම්' තත්ත්වයෙන් පෙළෙන දරුවන් සමග දෙමව්පියන් සබඳතා පවත්වන ආකාරය අනුව රෝග ලක්‍ෂණ අඩුකරගතහැකි බවයි පැවසෙන්නේ
Published

වයස අවුරුදු දෙක හමාරක කාලයේ පටන් 'ඔටිසම්' තත්ත්වයෙන් පෙළෙන දරුවන් සමග දෙමව්පියන් සබඳතා පවත්වන ආකාරය අනුව රෝග ලක්‍ෂණවල දරුණු ස්වභාවය විශාල ලෙස අඩු කරගත හැකි බව අධ්‍යයනයකින් හෙළිවී ඇත.

අනෙකුත් පුද්ගලයන් හා ඇසුරු කිරීම දුෂ්කරවන තරමට දරුණු ලෙස 'ඔටිසම්' රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන දරුවන්ගේ දෙමව්පියන්ට තම දරුවන් හා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ලන්ඩනයේ 'කිංග්ස් කොලේජ්' සරසවියේ පර්යේෂකයන් විසින් උපදෙස් දෙනු ලැබීය.

ප්‍රතිඵලය වූයේ රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි දරුවන්ගේ දරුණු 'ඔටිසම්' රෝග ලක්‍ෂණ 15% කින් අඩුවූ බව පෙන්නුම් කිරීම ය.

මෙම ක්‍රමවේදය නොකඩවා යොදාගැනීම මගින් ලබාගත් කල්පවත්නා සාර්ථකත්වය ඉතාමත් සිත්ගන්නාසුළු බව පර්යේෂකයෝ පවසති.