මරණීය දණ්ඩනය:පකිස්තාන කතගෙන් අභියාචනයක්

asia bibi signing petion

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, අසියා බිබී පෙත්සමට අත්සන් කරමින්
Published

ඉස්ලාම් දහමට අවමන් කිරීමේ චෝදනා යටතේ දඬුවම් ලද කිතුනු කාන්තාවකට එරෙහි දඬුවම අත්හිටුවමින් ඇය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අභියාචනය විභාගයට ගැනීමට පකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

මහමද් නබි නායක තුමාට අවමන් කරනු ලැබීම් සම්බන්ධයෙන් ආසියා බිබී (Asia Bibi) නම් චුදිත කාන්තාවට දඬුවම් නියමකරන ලද්දේ මෙයින් වසර පහකට පෙර.

තමාට එරෙහි චෝදනා බැහැර ලන Asia Bibi පවසන්නේ ,පෞද්ගලික කෝන්තරයක් නිසා මුස්ලිම් කාන්තාවක් තමාට එරෙහිව ඉහත කී පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.

පන්ජාබ් ප්‍රාන්ත මහාධිකරණය Asia Bibi ට මරණ දඬුවම නියම කරනු ලැබීමෙන් අනතුරුවයි, ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය ඉදිරිපත් කෙරුනේ.