BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
ප්‍රවීන් ඉසුරු: ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු 'ඝාතන සිද්ධිය' ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?
ජපානයේ චිබා ප්‍රාන්තයේ, නගරෙයාමා නගරයේ නිවසකදී ශ්‍රී ලාංකික තරුණයෙකු 'පිහි ඇනුමකින්' ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ජපානයේ NHK One වාර්තා කළේ, මෙම තරුණයා ඝාතනය කිරීමට උත්සහ කිරීමේ චෝදනාව මත තවත් ශ්‍රී ලාංකිකයෙකු අගෝස්තු 11 වන දින එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ය.
'ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වූ ස්ථානයේ හින්දූන් කරන්නේ කුමක් ද?': මහාබෝධියේ අයිතිය ඉල්ලා ඉන්දීය බෞද්ධයින්ගෙන් විරෝධතා
ඉන්දියාවේ බෞද්ධ ආගමික ප්‍රජාවට අවශ්‍ය වන්නේ, මෙම විහාරස්ථානයේ පාලන බලය හින්දු භක්තිකයන්ගෙන් ඉවත් කර එය සම්පූර්ණයෙන් ම බෞද්ධයින් විසින් පාලනය කරනු ලබන ස්ථානයක් බවට පත් කර ගැනීමට ය. අනෙක් අතට, හින්දු භක්තිකයෝ ද ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි විහාරය සමග තමන්ට සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කරති.
වීඩියෝ, 'මම මේ වෙනස කිරීමට අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්': ජනපති අනුර නීතිඥ සංගමයට සිය ස්ථාවරය කියයි, ධාවන කාලය 23,28
තමා කිසිසේත්ම විධායක බලය හෝ වෙනත් බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට පාවිච්චි නොකරන බවත්, වෙනසක් කිරීම සඳහා වන අවදානම භාර ගැනීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක බදාදා (අගෝ: 12) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් හමු වූ අවස්ථාවේදී පැවසුවේ ය.
කොළඹ නව ඇමෙරිකානු තානාපති එරික් මේයර් යනු කවුද?
දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන එරික් මේයර්, තානාපතිවරයා ලෙස පත්වීමට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කර ඇත.
'මත්ද්‍රව්‍ය පරික්ෂාවන් බව පවසමින්' පොලිසියට ඔබගේ ශරීරාංග ප්‍රසිද්ධ ස්ථානවලදී පරීක්ෂා කළ හැකි ද?
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ තියෙනවා පුද්ගලයෙක් කුරිරු අමානුෂික වධ බන්ධනයන්ට ලක්වීම මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා. මේ වධ බන්ධනය ශාරීරික වෙන්නත් පුළුවන්, මානසිකව වෙන්නත් පුළුවන්. ඒ වගන්තියේ ශාරීරික සහ මානසික කියන එක නිශ්චිතව දක්වලා තියෙනවා. කෙනෙක්ට ගහලා කරලා නැති වෙන්න පුළුවන් හැබැයි මානසිකව ඇදවැටෙන විදිහට නම් ඒ දේවල් කරලා තියෙන්නේ එතැනදී ප්‍රශ්නයක් තියෙනවා"
ක්‍රිකට් ඉතිහාසයේ අමුතුම වාර්තාවකට හිමිකම් කියන දික්වැල්ල යළිත් ටෙස්ට් පිටියට
නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවූයේ 2023 වසරේ මාර්තු මාසයෙන් පසුව පළමු වරටය. ඔහු අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය. එම තරගයෙන් පසුව නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ ඔහුට එරෙහිව පැනවූ තරග තහනමක් හේතුවෙනි. මේ වන විට අවස්ථා 2කදී ඔහු තරග තහනමට ලක් වී ඇත.
වීඩියෝ, දරුවන් 120 දෙනෙකු ඝාතනය වූ ඉරානයේ මිනාබ්හි පාසල වෙත බීබීසීය ගිය ගමන, ධාවන කාලය 5,57
ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ යුද්ධයේ පළමු දිනයේදී, රටේ දකුණු දිගට වන්නට පිහිටි මිනාබ්හි ප්‍රාථමික පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 156 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
'ප්‍රබල එල් නිනෝ' තවත් තීව්ර වෙයි: ලෝක කාලගුණ සංවිධානයෙන් නිවේදනයක්
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) මාසික දේශගුණික වාර්තාවට අනුව, දැනට පවතින එල් නිනෝ තත්ත්වය 2026 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ක්‍රමයෙන් තවදුරටත් ශක්තිමත් වී ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඩොලර් මි. 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය ගැන CIDය මෙතෙක් කර ඇත්තේ කුමක් ද?
ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය වාරිකයක් ගෙවීමේදී මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැහැර කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනවලට අදාළව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික කමිටුව රැස්වී දත්ත පිටපත් කරමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු 6 දෙනෙකුට නඩු පැවරීමට කොටුව මහේස්ත්‍රාත් නියෝග කළේ ඇයි?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් අභියාචනාධිකරණය හමුවේ මෙලෙස නඩු පැවරීමට තීරණය කරන ලද්දේ හිටපු අමාත්‍යවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන් ම දේශපාලන ක්‍රියාකාරීන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ නමැත්තන්ට එරෙහිව ය.
නව සත්ව ශුභසාධන පනත් කෙටුම්පතේ ඇතුළත් කරුණු: කෙටුම්පතට අනුව දඬුවම් ලැබෙන වැරදි මොනවා ද?
සතුන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ සුබසාධනය තහවුරු කිරීම උදෙසා සත්ව සුබසාධන පනතක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටියි.
අකිල විරාජ් රිමාන්ඩ්: විත්ති කූඩුවේ සිටි අකිලට මහේස්ත්‍රාත්ගේ දැඩි විරෝධය එල්ල වූයේ ඇයි?
අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මෙම සැකකරුගේ ඉල්ලීම පරිදි බඳවාගත් සේවකයින් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම තුළින් ඔහු රුපියල් 2,768,836.14ක පාඩුවක් රජයට සිදුකර ඇති බව ය.





















































