ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
Artemis II මෙහෙයුම පෙන්වා දී ඇත්තේ අපට සඳ මත නැවතත් පා තැබිය හැකි බව ද?
- Author, පල්ලබ් ඝෝෂ්
- Role, විද්‍යා වාර්තාකරු
- කියවීමේ කාලය: මිනිත්තු 9
Nasa's Artemis II mission has passed every major test since its launch on 1 April, with its rocket, spacecraft and crew performing better than engineers had dared to hope for.
අප්‍රේල් 1 වන දින අභ්‍යවකාශය වෙත මුදා හැරි දා සිට නාසාහි ආටෙමිස් II මෙහෙයුම සෑම ප්‍රධාන පරීක්ෂණයක් ම සමත් වී ඇති අතර, එහි රොකට්ටුව, අභ්‍යවකාශ යානය සහ කාර්ය මණ්ඩලය ඉංජිනේරුවන් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳින් ක්‍රියා කරමින් තිබේ.
The mission's first six days have shown that the Orion capsule works as designed with people on board for the first time - something no simulator could prove.
මෙහෙයුමේ පළමු දින හය තුළ පෙන්නුම් කර ඇත්තේ ඔරියන් කැප්සියුලය සැලසුම් කළ පරිදි පළමු වරට මිනිසුන් සමග ක්‍රියා කරන බවයි. එය මීට පෙර කිසිදු සිමියුලේටරයකට ඔප්පු කළ නොහැකි දෙයක් විය.
Perahaps its greatest achievement, though, is through the actions of the Artemis crew, which have generated hope, agency and optimism for a world appearing to be in desperate need of inspiration.
කෙසේ වෙතත්, එහි ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය විය හැක්කේ, ආටෙමිස් කාර්ය මණ්ඩලය ලොව පුරා සිටින මිනිසුන්ට බලාපොරොත්තුවක්, විශ්වාසයක් සහ ශුභවාදී බවක් අත්‍යවශ්‍ය මොහොතක ලබා දෙමින් ඔවුන්ව පෙළඹවූ ආකාරය විය හැකි ය.
But the bigger question remains - is a Moon landing by 2028, as Nasa and President Trump want, now really an achievable goal?
නමුත්, නාසා ආයතනය සහ ජනාධිපති ට්‍රම්ප්ගේ අවශ්‍යතාව පරිදි, 2028 වන විට සඳ මත ගොඩබෑමක් දැන් සැබවින් ම අත් කරගත හැකි ඉලක්කයක් ද? යන විශාලතම ප්‍රශ්නයට තවමත් පිළිතුරු ලැබී නොමැත.
Artemis II මෙහෙයුම මේ දක්වා අපට කියා දී ඇත්තේ මොනවා ද?
රොකට්ටුව (SLS) කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මුදා හැරීමේ ස්ථානයට ළඟා වී ගත වූයේ දින කිහිපයකි. ආටෙමිස් II පිළිබඳ වැදගත් ම පාඩම ඒ වන විටත් ඉගෙන ගෙන තිබිණි.
පෙබරවාරි මාසයේ සහ මාර්තු මාසයේදී මුදා හැරීම් දෙකක් එකිනෙකට වෙනස් තාක්ෂණික ගැටලු හේතුවෙන් අසාර්ථක වීමෙන් පසුව, නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් පැවසුවේ "වසර තුනකට වරක් පමණක් SLS තරම් වැදගත් හා සංකීර්ණ රොකට්ටුවක් අභ්‍යවකාශය වෙත මුදා හැරීම සාර්ථකත්වයට මාවතක් නොවන" බවයි.
මීට පෙර කාර්ය මණ්ඩලයක් නොමැතිව සිදු කරන ලද ආටෙමිස් I මෙහෙයුම 2022 නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කෙරිණි.
ඒජන්සිය, සෑම රොකට්ටුවක් ම "කලා කෘතියක් ලෙස" සැලකීම නවතා, බැරෑරුම්, සක්‍රීය වැඩසටහනක් ලෙස නිරන්තරයෙන් රොකට් මුදා හැරීම ආරම්භ කළ යුතු බව ඔහු පැවසීය.
ඇත්ත වශයෙන් ම, එය සෑම වසර තුනකට වරක් එකම පාඩම් නැවත ඉගෙනීම නතර කළ යුතු බවට කරන ලද ප්‍රකාශයකි.
එය වැදගත් වන්නේ එයට අනුව, ඊළඟට වන සියල්ල දෙස අප බලන ආකාරය වෙනස් කරන බැවිනි. එම අභිලාෂයට පටහැනිව විනිශ්චය කළහොත්, අප්‍රේල් 1 වන දින රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් යන අය අභ්‍යවකාශගත වූ දින සිට ගත වූ දින හය තුළ මෙහෙයුම අපට පෙන්වා දී ඇත්තේ මොනවා ද?
කෙටි පිළිතුර නම්, එය ශුභවාදීන් පවා බලාපොරොත්තු වූවාට වඩා වැඩියි යන්න ය.
රාජකාරිය ඉටු කළ රොකට්ටුව
රොකට්ටුව (SLS) අභ්‍යවකාශගත වීමේදී රාත්තල් මිලියන 8.8ක තෙරපුමක් ජනනය කළ අතර, එය ඉංජිනේරුවන් අපේක්ෂා කළ පරිදි ම ක්‍රියා කළේ ය.
පාලක මැදිරියට අනුව රොකට්ටුව අභ්‍යවකාශය වෙත ගිය ගමනේ සෑම අදියරක් ම සාර්ථකව පසු කෙරිණි: උපරිම ගතික පීඩනය, ප්‍රධාන එන්ජිම නතර වීම සහ බූස්ටරය වෙන් වීම.
සඳට යන ගමනේදී යානය නිවැරදි මාර්ගයේ තබා ගැනීමට මග නිවැරදි කිරීම් (course corrections) තුනෙන් දෙකක් භාවිත නොකළේ, යානය ඒ වන විටත් නිවැරදි මාර්ගයේ ගමන් කළ බැවිනි. විවෘත විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යාඥ ආචාර්ය සිමියොන් බාබර් පැවසූ පරිදි: "ඔවුන්ට ගෞරවය හිමිවිය යුතුයි - ඔවුන් එය පළමු අවසථාවේදී ම හරියට කළා."
මුදා හැරීමෙන් පැය 36කට පමණ පසු තීරණාත්මක මොහොත උදා විය. ඔරියන් යානය එහි ප්‍රධාන එන්ජිම මිනිත්තු පහයි තත්පර පනස් පහක් ක්‍රියාත්මක කළේ ය. එය ට්‍රාන්ස්ලූනර් ඉන්ජෙක්ෂන් බර්න් ලෙස හැඳින්වේ. එමගින් යානය තවදුරටත් එන්ජින් ක්‍රියාකාරිත්වයකින් තොරව සඳ වෙත යන කවාකාර මාර්ගයකට යොමු කළේ ය.
ආටෙමිස් වැඩසටහනේ ප්‍රධානී ආචාර්ය ලෝරි ග්ලේස් පවසන පරිදි රොකට්ටුවේ එන්ජින් දහනය "දෝෂ රහිත" විය.
යන්ත්‍රයක් තුළ මිනිසුන්
මෙම මෙහෙයුමේ නිල අරමුණ වන්නේ ඔරායන් යානය තුළ මිනිසුන් තැබීමෙන් සිදුවන්නේ කුමක් ද යන්න සොයා ගැනීමයි. එනම් අභ්‍යවකාශ යානයට පමණක් නොව, කාර්ය මණ්ඩලය සහ යන්ත්‍රය අතර අන්තර්ක්‍රියා ගැන අධ්‍යයනය එහි අරමුණයි. ඉන් දැන ගැනීමට ලැබුණේ අපේක්ෂා කළ දේ සහ සිමියුලේටරයකින් ඉගෙන ගත නොහැකි දේ ය.
වැසිකිළි ගැටලු ඇති විය. වතුර ලබා ගන්නා යන්ත්‍රයේ ඇති වූ ගැටලුවක් නිසා ආරක්ෂිත පියවරක් ලෙස කාර්ය මණ්ඩලයට ජලය මලුවල ගබඩා කිරීමට සිදුවිය. හීලියම් පද්ධතියක සුළු දෝෂයක් පිළිබඳව මුල් මාධ්‍ය හමුවකදී පැවසුණු අතර එය නිහඬව ම නිරාකරණය කෙරිණි.
බාබර් නිරීක්ෂණය කළ පරිදි: "මේ මෙහෙයුමේ අරමුණ යානය මිනිසුන් සමග ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීම - බටන් ඔබන සහ කාබන් ඩයොක්සයිඩ් ආශ්වාස කරන වගේ ම, වායු සමීකරණය අවශ්‍ය සහ වැසිකිළිය භාවිත කිරීමට කැමති මේ කරදරකාරී මිනිස්සු. ඒ හැමදේ ම පද්ධතිය මේ මිනිස්සු සමග ක්‍රියා කරන්නේ කොහොම ද කියන එක බලන එක."
ඉංජිනේරුවෝ අභ්‍යවකාශගාමීන් අඛණ්ඩව ව්‍යායාම කරන අතරතුර ඔරායන් යානය කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන ආකාරය නිරීක්ෂණය කරමින් හෝ තෙරපුම් යන්ත්‍ර අක්‍රිය කර යානය ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කරමින් මෙන් ම මෙම යානය මිනිසුන් සඳ මතුපිටට ගෙන යාමට තරම් ආරක්ෂිත වන්නේ ද යන්න සම්බන්ධයෙන් සාක්ෂි එකතු කරමින් සිටිති.
බාබර්ගේ සමස්ත තක්සේරුව ඍජු විය: "ඔරායන් යානය හොඳින් ක්‍රියාත්මක වූ බව පේනවා, ඇත්ත වශයෙන් ම - නිසැකව ම සියලු ම ප්‍රචාලන කොටස්, ඒවා සැබෑ තීරණාත්මක දේවල්."
විද්‍යාවේ සාර්ථකත්වය ද? නැතිනම් නසා ආයතනයේ අතිශයෝක්තියක් ද?
නාසා ආයතනය විද්‍යාත්මක ප්‍රතිලාභ ගැන සඳහන් කර ඇත. කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පියාසැරිය අතරතුර පුළුල් නිරීක්ෂණ සිදු කළේ ය. තථ්‍ය කාලීනව සටහන් වූ භූ විද්‍යාත්මක ලක්ෂණ 35ක් පමණ, ඛනිජ සංයුතිය හෙළි කළ හැකි වර්ණ වෙනස්කම් සහ යානයේ නියමුවා වන වික්ටර් ග්ලෝවර් පැවසූ පරිදි ගැඹුරු අභ්‍යවකාශයේ සිට දුටු "ඇදහිය නොහැකි අලංකාර" සූර්යග්‍රහණයක් එම නිරීක්ෂණ අතර විය.
එක් ඡාරූපයක් කැපී පෙනිණි: සඳෙහි පෘථිවියට නොපෙනන ප්‍රදේශයට ආසන්නව සැතපුම් 600ක් පමණ පළල ආවාටයක් වන ඔරියන්ටල් ද්‍රෝණිය, පළමු වරට මිනිස් ඇසට සම්පූර්ණයෙන් ම දැකගත හැකි විය.
තවමත් මෙහි වැදගත්ම කොටස විද්‍යාව නොවේ. The Sky at Night වැඩසටහනේ සම-නිවේදක සහ ඔක්ස්ෆර්ඩ්හි මහාචාර්ය ක්‍රිස් ලින්ටොට් මෙසේ පැවසීය: "ආටෙමිස් සහ එහි කාර්ය මණ්ඩලයෙන් ලැබුණු ඡායාරූපවල කලාත්මක වටිනාකම අතිඉහළයි. නමුත් ඒවායේ විද්‍යාත්මක වටිනාකම සීමිතයි."
ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 යානය 2023 වසරේදී දකුණු ධ්‍රැවය ආසන්නයට ගොඩ බැස්සේ ය. 2024දී චීනයේ Chang'e-6 යානය සඳේ පෘථිවියට නොපෙනන ප්‍රදේශයෙන් සාම්පල ලබා ගන්නා ලදී. රොබෝ පරීක්ෂණ මගින් මෙම භූමි ප්‍රදේශය අසාමාන්‍ය ලෙස සිතියම්ගත කර ඇත.
වඩාත් ම බලපෑම් සහගත මොහොත පැමිණියේ කිසිදු උපකරණයකින් නොව, කණ්ඩායමෙනි. 1970 වසරේදී සිය මෙහෙයුම අතරතුර හදිසි තත්ත්වයකට මුහුණ දුන් ඇපලෝ 13 කාර්ය මණ්ඩලය වැඩි ම දුරක් ගමන් කරමින් තැබූ වාර්තාව ආටෙමිස් II ගගනගාමීන් බිඳ දැමූ අවස්ථාවේ මෙහෙයුම් විශේෂඥ ජෙරමි හැන්සන් හූස්ටන්හි පාලක මැදිරිය ඇමතීය.
ග්ලුෂ්කෝ ආවාටයට වයඹ දෙසින් පිහිටි සඳෙහි, පෘථිවියට ආසන්න පැත්ත සහ දුර පැත්ත අතර කෙළවරේ කැපී පෙනෙන ආවාටයක් දුටු බව ඔහු පැවසීය.
"අපිට ආදරණීය කෙනෙක් නැති වුණා," ඔහුගේ කටහඬ තරමක් බර විය. "ඇගේ නම කැරොල් - රීඩ්ගේ බිරිඳ, කේටි සහ එලීගේ මව. අපි ඒක කැරොල් කියලා නම් කරන්න කැමතියි." ඉන්පසු තත්පර හතළිස් පහක නිශ්ශබ්දතාවක් පැවතිණි. කමාන්ඩර් රීඩ් වයිස්මන් හැඟුම්බර විය. කණ්ඩායම එකිනෙකා වැළඳ ගත්තේ ය. පෘථිවියේ සිටි, ඔහුගේ දියණියන් දෙනෙනා හූස්ටන් සිට එය නරඹමින් සිටියහ.
එම මොහොත හැඟීම්වලට ඔබ්බෙන් ඇති හේතු නිසා වැදගත් වේ.
අව්‍යාජ, ස්වභාවයෙන් ම මිනිස් හැඟීම් ජනනය කළ නොහැකි අභ්‍යවකාශ වැඩසටහන් දිගු කලක් පවතින්නේ නැත. ඇපලෝ මෙහෙයුම මතකයේ රැඳී තිබීමට හේතුව ඉංජිනේරු විද්‍යාව පමණක් නොවේ; එය මානවයින් ප්‍රවේශ වූ දුර සහ ධෛර්යය ගැන දෙයක් වීමයි.
ඒ මොහොතේ ආටෙමිස් II ද සිදු කළේ එයයි.
ඉදිරියේදී පැමිණෙන විශාලතම පරීක්ෂණය
මෙහෙයුම අවසන් නැත. ඔරායන් යානය නැවත පෘථිවිය බලා පැමිණෙන අතර එය අප්‍රේල් 11 වන දින සැන් ඩියාගෝ ආසන්න පැසිෆික් සාගරයට ගොඩබෑමට සැලසුම් කර ඇත.
ඉතිරිව ඇත්තේ පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමයි. ආටෙමිස් I ට පසු බොහෝ කනස්සල්ලට හේතු වූ මොහොත, අනපේක්ෂිත තාප ආවරණ හානියක් හේතුවෙන් මෙම මෙහෙයුම වසරකට වැඩි කාලයක් ප්‍රමාද වූ පරීක්ෂණයක් ආරම්භ විය. මෙම මොහොත ගැන දැඩි කණස්සල්ලක් ඇති වීමට හේතුවක් වූයේ ආටෙමිස් Iහි තාප ආවරණය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවයි. එය දිගු පරීක්ෂණයකට හේතු වූ අතර මෙම මෙහෙයුම වසරකට වඩා ප්‍රමාද කළේ ය. ඔරායන් කැප්සියුලය ආසන්න වශයෙන් පැයට සැතපුම් 25,000 (පැයට කිලෝමීටර 40,000) වේගයෙන් වායුගෝලය සමග ගැටෙනු ඇත.
පෘථිවියට නැවත ඇතුළු වීම හොඳින් සිදුවුවහොත්, ආටෙමිස් II මෙහෙයුමෙන් මතුවන චිත්‍රය සැබවින් ම දිරිගන්වනසුලු වනු ඇත. රොකට්ටුව සාර්ථක විය.අභ්‍යවකාශ යානය ද සාර්ථක විය. කාර්ය මණ්ඩලය නිපුණතාවයෙන් හා සංයමයෙන් යුක්තව පද්ධති හැසිරවීය. වසර තුනක් බලා සිට නැවත ආරම්භ කිරීමට වඩා මේ මොහොතින් ප්‍රයෝජන ගැනීමට විශ්වාසදායක සැලැස්මක් නාසා ආයතනය අවසානයේ ප්‍රකාශ කර තිබේ.
2028 වන විට සඳ මත ගොඩබෑමට තවමත් අපේක්ෂා කළ කාලයට වඩා වැඩි කලක් ගත වනු ඇත. බාබර්ගේ දැනීම පරිදි එය වසර තුනක් හෝ හතරක් පමණ දුරින් පවතී. එය තර්ක කිරීමට දුෂ්කර විනිශ්චයකි.
නමුත් මෙම මෙහෙයුමේ සුමට බව - රොකට්ටුව මුදා හැරීමේ සිට චන්ද්‍ර පියාසැරිය දක්වා - සම්භාවිතාව නිවැරදි දිශාවට මාරු කර ඇත. ප්‍රශ්නය තවදුරටත් ඔරායන් යානයට පියාසර කළ හැකි ද යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ ගොඩබාන යානය, මෙහෙයුම් එකින් එක කොතරම් ඉක්මනින් සිදු වේ ද යන්න සහ දේශපාලන කැමැත්තට ඉලක්ක සපුරා ගැනීමට තරම් වේගයකින් සිදුවිය හැකි ද යන්නයි.
ආටෙමිස් II යනු, බලාපොරොත්තුව සහ විද්‍යාව පිළිබඳ කතාවකි. ඊයේ රාත්‍රියේ සිදුවීම් ඇපලෝ මෙහෙයුම සිහිපත් කළේ ය. ලෝකයේ ශුභවාදී හැඟීම් ප්‍රමාණවත් තරම් නොමැති කාලයක, එනම් යුද්ධ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිවිල් නොසන්සුන්තා පැවති 1960 දශකයේ මෙන්, අප එක් අයෙකු බව මතක තබා ගැනීමට එය එක් රාත්‍රියක් ලබා දුන්නේ ය.
මෙය කිසිසේත් ම කතාවේ අවසානය නොවේ. මෙය සඳ මත අවසානයේ ගොඩබෑම සඳහා වන පරීක්ෂණ පියාසැරියක් පමණි - එකක් පමණක් නොව, තවත් බොහෝ දේ ඉදිරියේදී සිදුවනු ඇත.