ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චන්ද්‍රයා වෙත යන නව ගමනින් පෘථිවියේ බල තුලනය වෙනස් විය හැකි ද?
චන්ද්‍රයා වෙත යන නව ගමනින් පෘථිවියේ බල තුලනය වෙනස් විය හැකි ද?
මිනිසුන් අවසන් වරට සඳ මත පා තැබූ දා සිට වසර 50කට වැඩි කාලයක් ගතවී ඇතත්, දැන් ආපසු එහි යාමට තරගයක් නිර්මාණය වී තිබේ. එසේ නම් අපි දැන් ආපසු එහි යන්නේ ඇයි? ඒ සඳහා මෙතරම් කාලයක් ගත වූයේ ඇයි? මේ බොහෝ දෙනෙකුට ඇති ගැටලුවයි.
එක්සත් ජනපදය සහ චීනය යන රටවල් දෙකම චන්ද්‍ර මතුපිටට මෙහෙයුම් සැලසුම් කරමින් සිටින අතර, එම රටවල් දෙකටම එහි ස්ථිර කඳවුරු තැනීමට අවශ්‍යව තිබේ. එය එකිනෙකාට සමීප තරගයක් වන අතර, ජයග්‍රහණය කරන්නා එම කීර්තිය සහ සඳෙහි සම්පත් වෙත ප්‍රවේශය ලබයි.