මීගමුව ගැටුමෙන් මියගිය 'වසර 12ක් නාවික හමුදාවේ සේවය කළ' බන්ධනාගාර නියාමකවරයා

මීගමුව ගැටුමෙන් මියගිය 'වසර 12ක් නාවික හමුදාවේ සේවය කළ' බන්ධනාගාර නියාමකවරයා
    • Author, බීබීසී සිංහල
  • Published

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී මිය ගිය බන්ධනාගාර නියාමකවරයෙකු වූ නිලක්ෂ රුවන් තිලකසිරිගේ නිවස වෙත බීබීසී සිංහල සේවය සංචාරය කළේ ය.

42 හැවිරිදි මෙම බන්ධනාගාර නිලධාරියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, රඹෑව, අඹගහවැව, පිහිඹියගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටියේ ය.

මීට පෙර නාවික හමුදාවේ සේවය කර වසර 12ක කාලයක් එහි සේවය කිරීමෙන් පසු ඔහු ඉන් ඉවත් වී බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස සේවයට එක්ව තිබිණි.

ඔහු වැලිකඩ, අඟුණුකොළපැලැස්ස, මහර, මඩකලපුව යන බන්ධනාගාරවල වසර 5කට ආසන්න කාලයක් සේවය කළ අයෙකි.

පවුලේ ඥාතීන් පවසන පරිදි ඔහු වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව සිට ඇති අතර, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් ඔහු එහි සේවයට යොදවා තිබිණි.

ඔවුන් පවසන්නේ, "ගැටුම ඇති වූ දිනයේදී රජය නිසි පියවර ගත්තා නම් මෙවැනි දෙයක් නොවෙන්න ඉඩ තිබූ" බව ය.