මෙතෙක් සිදු වූයේ මොනවා ද?
ජූලි 5
- ප.ව. 1.00: මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බවට බන්ධනාගාර බලධාරීන් පැවසීම
- ප.ව. 4.00: බන්ධනාගාරයේ ඇතිවූ බව කියන ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 20 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කිරීම
- ප.ව. 5.45: රෝහල්ගත කළ පිරිසෙන් දෙදෙනෙකු මිය ගිය අතර, රෝහල්ගත කරන ලද තුවාලකරුවන් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ යාම
- ප.ව. 8.00: මේ පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර බීබීසී සිංහල පැවසීම
ජූලි 6
- පෙ.ව. 8.40: ගැටුම්කාරී තත්ත්වය පාලනය කර ඇති බවට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බීබීසී සිංහල වෙත පැවසීම
- පෙ.ව. 9.45: මීගමුව බන්ධනාගාරයේ නැවතත් නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වීම
- පෙ.ව. 10.00: බන්ධනාගාරය තුළින් වෙඩි ශබ්ද ඇසෙන බව බීබීසී වාර්තාකරු පැවසීම
- පෙ.ව. 10.45: ඇතිවූ නොසන්සුන්තාවයෙන් රැඳවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව රෝහලේ අධ්‍යක්ෂවරිය තහවුරු කිරීම
- පෙ.ව. 11.30: මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළට
- ප.ව. 12.00: මරණ ගණන 19ක් දක්වා ඉහළ යාම සහ තුවාල ලැබූ සංඛ්‍යාව 100 දක්වා ඉහළ යාම
- ප.ව. 1.00: මරණ සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ යාම
- ප.ව. 2.30: මීගමුව බන්ධනාගාරයේ රඳවා ඇති ඇතැම් රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීම