අගමැති පුටුවේ දිවුරුම් දෙන නරේන්ද්‍ර මෝඩි

භාරතීය ජනතා පක්ෂ නායක නරේන්ද්‍ර මෝඩි අගමැති ලෙස සඳුදා දිවුරුම් දීමට නියමිතයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, භාරතීය ජනතා පක්ෂ නායක නරේන්ද්‍ර මෝඩි අගමැති ලෙස සඳුදා දිවුරුම් දීමට නියමිතයි
Published

ඉන්දීය මහ මැතිවරණය ජයග්‍රහණය කළ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ නායක නරේන්ද්‍ර මෝඩි අගමැති ලෙස සඳුදා දිවුරුම් දීමට නියමිත බව භාරතීය පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මතභේදාත්මක දේශපාලන චරිතයක් වූ නරේන්ද්‍ර මෝඩි භාරතීය ජනතා පක්ෂය ඉතිහාස ගත ජයග්‍රහණයක් කරා මෙහෙයවූ අතර සඳුදා දිවුරුම් දීමෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීමට නියමිතයි.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු නරේන්ද්‍ර මෝඩි ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජී හමු වු අවස්ථාවේ භාරතීය ජනතා පක්ෂය ලද විශිෂ්ඨ ජයග්‍රහණයට ජනපතිවරයාගේ උණුසුම් සුබ පැතුම් හිමි වූ බවයි වාර්තා වන්නේ.

මෙවර මැතිවරණයෙන් වැඩි බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමත් සමග වසර තිහකට පසු වැඩි බහුතරයක් හිමි කර ගත් ප්‍රථම ඉන්දීය දේශපාලන පක්ෂය බවට පත්වීමට හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට හැකි වීම විශේෂත්වයක්.