චීනයේ ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ ආරක්ෂාව පිණිස විශේෂ මංතීරුවක්

special pedestrian lane
Published

ස්මාර්ට් ජංගම දුරකතන වෙත දෑස් යොමා ඉබි ගමනින් යන පදිකයන් සඳහාම වෙන්වූ විශේෂ මංතීරුවක් උතුරු දිග චීනයේ නගරයක් විසින් හඳුන්වා දෙනු ලැබ ඇතැයි වාර්තා වේ.

ෂැන්සි වෙබ් පුවත් සේවය වාර්තා කරන පරිදි තමන් වටා ඇති සියලු දෑ නොසලකා හරිමින් සිය ජංගම දුරකතනය දෙස පමණක් දෑස් යොමා ගමන් කරන පදිකයන් සඳහා ෂී අන් නගරයේ 'යන්තා' වීදීයේ විශේෂ මංතීරුවක් සකසා ඇත.

රතු, කොළ සහ නිල් පාට තීන්ත ආලේප කර ඇති ඉහත කී විශේෂ මංතීරුවේ පළල සෙන්ටිමීටර 80 ක් වන අතර දිග මීටර 100 කි.

මාර්ගය මත ස්මාර්ට් ජංගම දුරකතන පින්තාරු කර ඇති බැවින් එය සාමාන්‍ය පදික වේදිකාවලින් වෙන් කර හඳුනාගත හැකිය.

special pedestrian lane

වීදියට මුහුණලා පිහිටා ඇති විශාල සාප්පු සංකීර්ණයකින් කළ බලවත් ඉල්ලීමකට අනුව පදික මංතීරුව ඉදිකර ඇති බව ෂැන්සි වෙබ් පුවත් සේවය පවසයි.

බොහෝවිට වැඩි අවධානයක් යොමු නොකර ගමන් කරන පදිකයන්ගෙන් පිරී පවතින පදික වේදිකාව මත නිතර මෝටර් රථ ධාවනයවන බව ද වෙබ් අඩවිය වාර්තා කරයි.

'ද පේපර්' පුවත් වෙබ්අඩවිය ප්‍රදේශයේ ජනතාව සමග කළ සාකච්ඡාවක දී නව මංතීරුව හඳුන්වා දීම පිළිබඳ ප්‍රසාදය පළ කර තිබේ.

මෙවැන්නක් දුටු පළමු අවස්ථාව බව කී වෙයි ෂියාවෙයි විසින් ඉහත කී පියවර හඳුන්වනු ලැබුවේ "ඉතාමත් හොඳ" ක්‍රියාවක් ලෙසය.

"මෙහි ඇවිදින සියලු දෙනා එය ඉතා ආරක්ෂිත යැයි සිතනවා. පාරේ එක් පසෙක වාහන ගමන් කරනවා, සමහර වාහන පදික වේදිකාව මතට පැමිණෙනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තවත් ප්‍රදේශවාසියෙකු වන හු හුඑයා කියා සිටියේ,"දැන්කාලේ තරුණ තරුණියන්ගේ ජීවිත ඉතා වේගවත්. ඔවුන් නිතරම ජංගම දුරකතන දෙස බලා සිටිනවා. මේ මංතීරුව අපගේ මනසට විවේකයක් ලබා දෙනවා වගේම එය ආරක්ෂාව ලැබෙන ක්‍රමවේදයක්, යනුවෙනි.

special pedestrian lane

කෙසේවෙතත්, ජනප්‍රිය වෙබ් අඩවියක් වන 'සිනා වෙයිබෝ මයික්‍රෝබ්ලොග්' පරිශීලකයන් වැඩි දෙනෙකු නව මංතිරුව පිළිබඳ එතරම් සතුටට පත්වී නොමැති ආකාරයක් දක්නට ඇත.

එහි අදහස් පළ කළ එක් අයෙකු ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් "අන්ධ පුද්ගලයන්ට" සමාන කර තිබිණි.

ජංගම දුරකතන දෙස දෑස් යොමා විශේෂ මංතීරුවේ ගමන් කරන පුද්ගලයන් මෝටර් රථවලින් ආරක්ෂා වුවත් ඔවුනොවුන් හැප්පීමට තවමත් ඉඩ ඇති බව තවත් අයෙකුගේ අදහස විය.

තවත් තොරතුරු: