ඩිජිටල් උපාංග: කප්පම් ගැනීමේ අවදානමක්

A hand holding a smartphone
Published

ස්මාර්ට් ජංගම දුරකතන, අත්ඔරලෝසු, රූපවාහිනී සහ ශරීර යෝග්‍යතාව මැන බලන පළඳනාවල අඩංගු පෞද්ගලික තොරතුරු යොදා ගනිමින් කප්පම් ගැනීමේ අවදානමක් පවතින බවට අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රවීණයෝ අනතුරු අඟවති.

මෘදුකාංගයක් මාර්ගයෙන් ඉහත කී උපාංග අක්‍රිය කෙරෙන අතර ඒවා යළි භාවිතයට ගැනීම සඳහා උපාංග හිමිකරුවන් මුදල් ගෙවිය යුතු බව කියා සිටින අන්තර්ජාල ප්‍රවීණයෝ එවැනි මෘදුකාංගවල ව්‍යාප්තිය පසුගිය වසර තුළ ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙති.

ඡායාරූප, විද්‍යුත් තැපැල් පණිවුඩ, සහ ශරීර යෝග්‍යතාව පිළිබඳ තොරතුරු අඩංගු ඩිජිටල් උපාංග ඉහත කී මෘදුකාංගවල ඉලක්ක බවට පත් විය හැක.

අන්තර්ජාල අපරාධවල වඩාත් ආක්‍රමණකාරී වර්ධනයක් දක්නට ඇති බව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පෙන්වා දෙයි.

Woman on treadmill

ඩිජිටල් උපාංග වැඩි වශයෙන් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම අපරාධකරුවන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාවක්වනු ඇති බව ජාතික අපරාධ ඒජන්සිය සහ ජාතික අන්තර්ජාල ආරක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.

line
line

මුදල් ගෙවා හෝ යළි ලබාගත යුතු යැයි සැළකෙන ඡායාරූප වැනි පෞද්ගලික තොරතුරු සහ දත්ත අඩංගු උපාංග අපරාධකරුවන්ගේ ඉලක්ක බවට පත් විය හැක.