සුනඛයකුට මිනිමරාගත් පිය පුතු දෙපළක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
සුනඛයෙකු මුල්කරගනිමින් වෙඩි හුවමාරුවක යෙදුනු පිය පුතු දෙපළක් පිළිබඳව අමෙරිකාවේ චිකාගෝ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මීට හේතුවී තිබෙන්නේ සුනඛයා ඇවිදීම සඳහා ගෙන යන්නේ කව්දැයි යන්න සම්බන්ධයෙන් ඇති වූ වචන හුවමාරුවකි.
ඉරිදා ( අප්‍රේල් 09 ) සිදුවූ වෙඩි හුවමාරුවේදී පිය පුතු දෙපළටම වෙඩි පහර ගණනාවක් වැදී තිබු අතර රෝහල්ගත කිරීමේදී 22 දෙහැවිරිදි පුත්‍රයා මිය ගොස් ඇති බව ප්‍රකාශ කෙරිණි.
43 වෙනි වියේ පසුවන පියාගේ තත්වය බරපතල විය.
අපරාධය සිදුවූ ස්ථානයේ තිබී ගිනි අවි දෙකක් පොලිසිය විසින් සොයාගනු ලැබිණි.
ඇමෙරිකාවේ වඩාත්ම ප්‍රචණ්ඩත්වයෙන් පිරි නගර අතරින් එකක්වන චිකාගෝ නුවරින් මේ වසර තුළදී මෙතෙක් පුද්ගලයින් 800 දෙනෙකු වෙඩි තැබීම්වලට ලක්ව ඇතැයි චිකාගෝ ට්‍රිබියුන් පුවත්පත වාර්තා කළේය.
























