කිම් ජොන්ග් නාම් ඝාතනය: සැකකාරියන් දෙදෙනා අධිකරණයට

සැකකාරියන් දෙදෙනා අධිකරණයට

ඡායාරූප මූලාශ්‍රය, AP

Published

උතුරු කොරියානු නායකයාගේ සහෝදර කිම් ජොන්ග් නාම් ඝාතනය කළ බවට සැකකෙරෙන කාන්තාවන් දෙදෙනෙකුට නඩු පවරා තිබේ.

විෂ රසායනයක් භාවිත කරමින් කිම් ජොන්ග් නාම් ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති මෙම කාන්තාවන් දෙදෙනා අද (මාර්තු 01) මැලේසියාවේ අධිකරණයකට ඉදිරිපත් කෙරිණි.

ඉන් එක් සැකකාරියක් වියට්නාම් කාන්තාවක්වන අතර අනෙක් සැකකාරිය ඉන්දුනීසියානු කාන්තාවක් බව මැලේසියානු පොලිසිය පවසයි.

කිම් ජොන්ග් නාම්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ජොන්ග් නාම්

මෙම සැකකාරියන් දෙදෙනා අධිකරණයට රැගෙන එන ලද්දේ විශේෂ ආරක්‍ෂිත රැකවල් මධ්‍යයේ ය.

අදාළ චෝදනාවට වරදකරුවන් වුවහොත් ඔවුන්ට මරණ දණ්ඩනය හිමිවනු ඇත.

විනෝදාත්මක රුපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා තමන් යොදාගත් බව මෙම කාන්තාවන් දෙදෙනා ප්‍රකාශ කර තිබුණි.

තමා ඊට හවුල්වුණේ එම කාර්යය මගින් කිසිවකුට හාණියක් සිදු නොවනු ඇතැයි යන විශ්වාසයෙන් බවත් එම කාන්තාව ප්‍රකාශ කොට ඇත.

ඝාතනය පිටුපස උතුරු කොරියාව සිටින බව බොහෝ දෙනෙක් විශ්වාස කරන නමුත් උතුරු කොරියාව එම චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරයි.