රෝහලේ වරදින් පස්දෙනෙකුට HIV වැළඳෙයි

වරක් පාවිච්චියෙන් පසු ඉවත දැමිය යුතු එන්නත් කටු නැවත කීපවතාවක් මෙම සායනයේදී පාවිච්චියට ගෙන තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, වරක් පාවිච්චියෙන් පසු ඉවත දැමිය යුතු එන්නත් කටු නැවත කීපවතාවක් මෙම සායනයේදී පාවිච්චියට ගෙන තිබේ
Published

දරුගැබ් සරුකිරීමේ වෛද්‍ය සායනයකදී සිදුවී ඇති වරදකින් පස්දෙනෙකුට එච් අයි වී වැළඳී ඇති බව චීනයේ රෝහලක් පිළිගනී.

මෙම සායනයට සහභාගී වූ තවත් ජෝඩු තිහකට HIV වැළඳීමේ අවදානමක් පවතින බව වාර්තා විය.

වරක් පාවිච්චියෙන් පසු ඉවත දැමිය යුතු එන්නත් කටු නැවත කීපවතාවක් මෙම සායනයේදී පාවිච්චියට ගෙන තිබේ.

මේ පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව රෝහල් සේවකයින් පස්දෙනෙකුගේ වැඩ තහනම් කෙරුණි.

මෙම රෝහල පිහිටා ඇත්තේ චීනයේ නවීනතම පහසුකම් සහිත චාන්ග්ජෝ නගරයේ ය.

1990 වසරේදී චීනයේ හෙනන් ප්‍රාන්තයේ සිදුකරන ලද රුධිර පාරවිලයන ක්‍රියාවලියකදී දහස් ගණනකට HIV වැළඳුනි.