යුප්‍රටීස් ගඟ දෙපස නගර මුදාගැනීමේ මෙහෙයුමක්

ඉරාකය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරාක හමුදාව උතුරු ඉරාකයේ මෝසුල් නගරයේ සිටින සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සති ගණනාවක් ප්‍රහාර එල්ලකරමින් සිටියහ
Published

ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම සතුව පවතින, සිරියානු දේශසීමාවට නුදුරු නගර යළි අත්පත්කර ගැනීම පිණිස නව මෙහෙයුම් ආරම්භ කළබව ඉරාක හමුදාව පවසයි.

මෙම ප්‍රහාර සඳහා යුදහමුදාව, යුද හමුදා පොලීසිය සහ ප්‍රාදේශීය ගෝත්‍රික සටන්කරුවන් සම්බන්ධවන බව වාර්තාවේ.

ඔවුනට ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර මිත්‍ර හමුදාවල සහයෝගයද ලැබේ.

යුප්‍රටීස් ගංගාව දෙපස ඇති ආනා, රාවා, සහ අල් ක්වායිම් යන නගර එම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වී ඇත.

සති ගණනාවක් තිස්සේ ඉරාක හමුදාව උතුරු ඉරාකයේ මෝසුල් නගරයේ සිටින සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ප්‍රහාර එල්ලකරමින් සිටියහ.

එම ප්‍රහාර මගින් ඉරාකයේ බටහිර ප්‍රදේශය රජයේ හමුදා සඳහා විවෘතවී ඇත.