දිල්ලියේ වායු දූෂණය මැඩලන්න 'App' එකක්

දිල්ලියේ වායු දූෂණය මැඩලන්න App එකක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

ලොව විශාල වශයෙන් පරිසර දූෂණයට ගොදුරු වී තිබෙන නගර අතුරින් එකක් වන ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු ගෝලය රැක ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබ ඇත.

ගොඩනැගිලි ඉදිකිරීම් හෝ මාර්ග ආශ්‍රිත පවතින දූවිල්ල, පොදු උද්‍යාන තුළ කැළිකසල සහ කොලරොඩු ආදිය ගිනි තැබීම වැනි වායු දූෂණයට හේතු වන ක්‍රියාකාරකම් වාර්තා කිරීම සඳහා මහජනතාව වෙත ඉඩ සලසමින් ජංගම දුරකථන මෘදුකාංගයක් (App) හඳුන්වා දී තිබේ.

වායු දූෂණයට හේතු විය හැකි යැයි හැඟෙන ක්‍රියාකාරකම්වල ඡායාරූප ගෙන අන්තර්ජාලයට එක් කිරීමටද මෘදුකාංගය භාවිත කරන දිල්ලි නගරවාසීන්ට අවස්ථාව සලසා ඇත.

ඉන් අනතුරුව වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම පැමිණිලි අදාළ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග දැක්වෙන වාර්තාවක් පැමිණිලිකරු වෙත ලැබේ.

ජංගම දුරකථන මෘදුකාංගය හඳුන්වා දෙනු ලැබුවේ ඉන්දියාවේ පරිසර දූෂණ පාලන අධිකාරිය විසිනි.