'සැම්සුන් ගැලැක්සි නෝට් සෙවන්' අලාභය බිලියන තුන ඉක්මවයි

'සැම්සුන් ගැලැක්සි නෝට් සෙවන්' අලාභය බිලියන තුන ඉක්මවයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

දෝෂ සහිත 'ගැලැක්සි නෝට් 7' ස්මාර්ට් ජංගම දුරකථනය වෙළඳපොළෙන් ඉවත් කරගැනීම හේතුවෙන්, මාස හයක කාලයක් තුළ සාමාන්‍යයෙන් උපයන ලාභයෙන් ඩොලර් බිලියන තුනකට අධික අලාභයක් සිදු වන බව සැම්සුන් සමාගම් පවසයි.

දෝෂ සහිත බැටරියක් අන්තර්ගත මෙම නව ජංගම දුරකථනය ගිනියම් වී පුපුරා යන බවට ලද පාරිභෝගික පැමිණිලි විශාල සංඛ්‍යාව හේතු කොටගෙන සැම්සුන් සමාගම විසින් එම නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් කරගනු ලැබීය.

'සැම්සුන් ගැලැක්සි නෝට් සෙවන්' අලාභය බිලියන තුන ඉක්මවයි

පසුගිය බදාදා දකුණු කොරියානු තාක්ෂණික බලවතා විසින් සිය නව නිෂ්පාදනය වෙළෙඳපොළෙන් ඉවත් කරගන්නා බවට කරනු ලැබූ නිවේදනයෙන් පසු මෙම වසරේ තෙවන කාර්තුවේ ලාභයෙන් ඩොලර් බිලියන දෙකක් පමණ එම ආයතනයට අහිමි විය.

වෙළෙඳපොළට නිකුත් කළ ජංගම දුරකථන යළි ඉවත් කරගැනීම සහ ලක්ෂ විසිපහකට අධික පාරිභෝගිකයන්ට මුදල් ආපසු ගෙවීම එම අලාභයට හේතු විය.