පෝලියෝ තුරන් කිරීමට කැප වූ වෛද්‍යවරයා මරා දමයි

Published
පකිස්තානයේ පෝලියෝ උවදුර තුරන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ ව්‍යාපෘතියට කැප වී සිටි ප්‍රධාන පෙළේ වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කරයි.
වෛද්‍ය සාකා උල්ලා ඛාන් ට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ පෙෂාවර් නුවර පිහිටි ඔහුගේ නිවෙසට නුදුරින් සිටියදී යි.

ඡායාරූප මූලාශ්‍රය, AP
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් මෙම වෛද්‍යවරයාට වෙඩි තබා පලා ගොස් තිබේ.
පෝලියෝ එන්නත් ලබා දීමේ ව්‍යාපෘතියේ යෙදී සිටි අසූවකට අධික පිරිසක් පසුගිය වසර කිහිපය ඇතුළත ඝාතනයට ලක් විය.

පෝලියෝ එන්නත් ලබා දීමේ මුවාවෙන් මුස්ලිම් විරෝධී කුමන්ත්‍රණ සිදු කරන බවට ඉස්ලාමීය කැරලිකරුවෝ චෝදනා කරති.
පෝලියෝ රෝගය වසංගතයක් ලෙස දැනට ලෝකයේ පවතින්නේ පකිස්තානයේ සහ අසල්වැසි ඇෆ්ගනිස්තානයේ පමණයි.
























