ඉන්දියාවෙන් ප්‍රහාරක ජෙට් යානයක්

'තේජාස්'
ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාවේ නිෂ්පාදිත MIG-21 ප්‍රහාරක යානා වෙනුවට 'තේජාස්' යානා පෙළක් බිහි කිරීම බලධාරීන්ගේ අරමුණයි
Published

ඉන්දියාවේ සැලසුම් නිර්මාණය කර නිපදවන ලද ප්‍රථම ප්‍රහාරක ජෙට් යානය ඉන්දීය ගුවන් හමුදාවේ සේවයට යොදවා ඇත.

'තේජාස්' නමින් හැඳින්වෙන මෙම ප්‍රහාරක ජෙට් යානය නිර්මාණය කිරීම ඇරඹුණේ මීට තිස් එක් වසරකට පෙරයි.

හින්දුස්තාන් ගගනයාත්‍රා සමාගම විසින් නිපදවන ලද 'තේජාස්' ප්‍රහාරක යානා දෙකක් ඉන්දීය ගුවන් හමුදාවට භාර දී ඇත.

'ආඩම්බරයක්'

මීට පෙරද ඉන්දියාව සිය රට තුළ ප්‍රහාරක ජෙට් යානයක් නිපදවූ නමුත් ඉන්දියාවේ ම සැලසුම් නිර්මාණය කිරීමෙන් පසු ඉදි කළ ප්‍රථම ප්‍රහාරක ජෙට් යානය ලෙස තේජාස් ඉතිහාස ගත වෙයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ 'කිසිවකට සම කළ නොහැකි ආඩම්බරයකින් සහ සතුටකින් හදවත් පිරී යන අවස්තාවක්' ලෙසිනි.

දැනට ඉන්දීය ගුවන් හමුදාව සතු රුසියාවේ නිෂ්පාදිත MIG-21 ප්‍රහාරක යානා වෙනුවට 'තේජාස්' යානා පෙළක් බිහි කිරීම බලධාරීන්ගේ අරමුණයි.