කයිරෝ නුවර දී ඊජිප්තු පොලීසියේ 8 ක් වෙඩි තබා මරාදමෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
පොලිස් නිලධාරීන් අට දෙනෙකු කයිරෝ නුවරට පිටත සීමාවේ දී වෙඩිතබා මරා දමා ඇති බව ඊජිප්තු බලධාරීහු පවසති.
ඊජිප්තු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ කයිරෝ නුවර දකුණු ප්‍රදේශයේ හෙල්වාන් දිස්ත්‍රික්කයේ දී හඳුනා නොගත් තුවක්කුකරුවන් පිරිසක් විසින් පොලිස් වාහනයකට විවෘත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
සිනායි අර්ධද්වීපයේ කලහකාරී ක්‍රියාවල යෙදෙන ජිහාඩ්වාදී කණ්ඩායම් කයිරෝ නුවර ප්‍රහාරයන් ගණනාවක්ම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.























