උඩරට දුම්රිය මාර්ගය නැවතත් නායයාමේ අවදානමක ද?
පසුගිය වසරේ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රිය ස්ථානය අසල විශාල නායයාමක් සිදුවිය. දැනට පවතින තද වැසි නිසා එම ස්ථානයෙන් නැවතත් දුම්රිය මාර්ගයට පස් සහ මඩ සහිත ජලය ගලා විත් තිබේ.
මේ වන විට දුම්රිය සේවකයන්, පෞද්ගලික ඉදිකිරීම් සමාගමක සේවකයන්, NBRO නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දුම්රිය මාර්ගයට ඉහළින් ජලය බැසයාමට කාණු කැපීම ඇතුළුව මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සිදු කරමින් සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය ගමනාගමන අධිකාරී සහ මාධ්ය ප්රකාශක අසංක සමරසිංහ සඳහන් කළේ, දුම්රිය කාර්යමණ්ඩල යොදවා එම ස්ථානයේ දුම්රිය මාර්ගය පැය 24 පුරාම නිරීක්ෂණය කරන බවයි.
දැනට එම ස්ථානයේ දුම්රිය ධාවනයට කිසිදු අනතුරුදායක මට්ටමක් හඳුනාගෙන නොමැති බවත් ඔහු සඳහන් කළේය. දුම්රිය මාර්ගයේ පවතින අවදානම් තත්ත්වය සහ දුම්රිය බලධාරීන්ගේ ප්රතිචාර මෙම වීඩියෝවට ඇතුළත් වෙයි.









