පොල්පිටියේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

Shooting at Polpitiya

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදී අද පස්වරු 7.30 ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ගේ ආරක්ෂකයින් පිරිසක් සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මන්ත්‍රීවරයාගේ රථයට බාධා කළ පිරිසකට මන්ත්‍රී ආරක්ෂකයින් වෙඩි තබා ඇති බවය.

මෙලෙස වෙඩි තබා තිබුණේ මන්ත්‍රීවරයාගේ රථයට පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂකයින් බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

තුවාල කරුවන් තලිගම රෝහලට ඇතුල් කිරීමෙන් පසුව කරවනැල්ල රෝහලට මාරුකර යවා තිබේ.

වෙඩි තැබීමෙන් පසුව එම ආරක්ෂක නිලධාරීන් ගිනිගත්හේන පොලීසියට වාර්තා නොකර එම ස්ථානයෙන් පිටත්වගොස් ඇති අතර පසුව පොලිසිය මැදිහත්ව ඔවුන් කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවය සිදු කළ විමසීමක දී පැවසීය.