ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 5 වෙනිදා

ඡායාරූප මූලාශ්‍රය, SL Gazette
Published
ශ්‍රී ලංකාවේ මීළඟ මහ මැතිවරණය ජනවාරි 5 වෙනිදා පැවැත්වෙන බව ජනාධිපතිවරයා සිකුරාදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර තිබේ.
2018 නොවැම්බර් 09 වෙනිදා අංක 2096/70 දරන ඇති විශේෂ ගැසට් නිවේදනයට අනුව නොවැම්බර් 19 වෙනිදා සිට 26 වෙනි දින මධ්‍යහන 12 දක්වා නාම යෝජනා බාර ගන්නා බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.
ජනාධිපතිවරයාට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ඇ අනුව්‍යවස්ථාව සහ 62 (2) අනුව්‍යවස්ථාව සමග කියවිය යුතු 70 (5) අනුව්‍යවස්ථාව අනුව පැවරී ඇති බලතල අනුව මෙම නියෝගය පනවා ඇති බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.

ඡායාරූප මූලාශ්‍රය, SL Gazette
මැතිවරණයෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරුන් සහභාගි වන පළමු පාර්ලිමේන්තු සැසිය 2019 ජනවාරි 17 වෙනි පැවැත්වෙන බව ද ගැසට් නිවේදනයේ සඳහන්වේ.


























