සයිටම් වෙඩි තැබීම නාටකයක් ද?

වෙඩි තැබීම සිදුකළ බවට සැකකෙරෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ ඔහුගේ රියදුරා ප්‍රදේශයෙන් පලාගොස් ඇත
ඡායාරූප ශීර්ෂ වැකිය, වෙඩි තැබීම සිදුකළ බවට සැකකෙරෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ ඔහුගේ රියදුරා ප්‍රදේශයෙන් පලාගොස් ඇත
Published

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ මෝටර් රථයට එල්ලවූ වෙඩි ප්‍රහාරයේ වගකීම භාරගන්නා ලෙස වෙනත් පුද්ගලයෙකුට පවරා ඇතැයි පොලිසිය පවසයි.

පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා එම වෙඩි ප්‍රහාරයට සම්බන්ධ අයෙකු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ අදාළ වෙඩි තැබීම සිදුකළ බවට සැකකෙරෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ ඔහුගේ රියදුරා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවය.

සමීප හිතවත්කම්

එම සැකකරුවන් දෙදෙනා සහ වෙඩි ප්‍රහාරයට ඉලක්කවී තිබුණු සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා අතර සමීප හිතවත්කම් පැවතුනු බවට තොරතුරු අනාවරණයවීමත් සමඟ පොලිස් විමර්ශන වෙනත් මගකට යොමුවී ඇත.

මේ හේතුව නිසා සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා නැවතත් පොලිසියට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්නකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.