"මානව හිමිකම් ප්‍රගතිය ගැන මංගල සමග සාකච්ඡා කළා"

ඡායාරූප මූලාශ්‍රය, Boris Johnson/Twitter
Published
බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර සමග ඉතා සුහදශීලී සාකච්ඡාවක් පැවති බව බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් බොරිස් ජොන්සන් පවසයි.
විශේෂයෙන්ම වෙළඳාම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ලබා දුන් ප්‍රතිඥා ඉටු කිරීමේ ප්‍රගතිය පිළිබඳ අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා පැවැත්වූ බවත් බොරිස් ජොන්සන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.
විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (ජන.11) සවස් යාමයේ ලන්ඩනයේ චැතම් හවුස් බුද්ධි මණ්ඩපයේදී විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.
























