ශ්‍රී ලංකාවට පැරාලිම්පික් පදක්කමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
බ්‍රසීලයේ රියෝ අගනුවර පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීමේ තරඟයේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා ආබාධිත මළල ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් දිනා ගෙන තිබේ.
ආබාධිත හමුදා සෙබළකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත් මීටර 58.2 ක් දුර හෙල්ල විසි කිරීමට සමත් විය.
තරඟයේ රන් පදක්කම ඉන්දියාවට හිමි වූ අතර චීනය විසින් රිදී පදක්කම දිනා ගනු ලැබිණ.

ඡායාරූප මූලාශ්‍රය, www.paralympic.org
ශ්‍රී ලංකාව පැරාලිම්පික් පදක්කමක් දිනා ගනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි.
2012 ලන්ඩන් පැරාලිම්පික් උළෙලේ ටී46 මීටර 400 දුර දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් ආබාධිත සොල්දාදුවකු වන යූඩීපී ප්‍රදීප් සංජය පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් විය.
























