BBC News, සිංහල - ප්‍රධාන පුවත්
සජීවී., ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හසුරුවන ආකාරය ගැන ට්‍රම්ප් ප්‍රශ්න කරයි
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන තෙල් නෞකා හසුරුවන ආකාරය ගැන ට්‍රම්ප් ප්‍රශ්න කර තිබේ. ඒ, සමාජ මාධ්‍ය සටහනක් තබමිණි.
ප්‍රධාන පුවත
සීමාවාසික වෛද්‍ය පත්වීම් සහ වෛද්‍ය වර්ජනය: GMOA සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර වන මත ගැටුම
ගිය අඟහරුවාදා (මාර්තු 31) මේ සීමාවාසික පත්වීම් ගන්න වෛද්‍යවරු කණ්ඩායමක් GMOA එක කොළඹට කැඳවලා තර්ජනය කරලා තිබුනා. පත්වීම් අරන් යන එක ගැන ඒගොල්ලෝ බලාගන්නම් කියලා. දිගින් දිගටම මාධ්‍යවල ප්‍රසිද්ධියේ තර්ජනය කළා පත්වීම් ගන්න එපා කියලා. හැබැයි ඒ කණ්ඩායමේ 453ක් හිටියා, එතැනින් 436ක් අප්‍රේල් 04 වැනිදා වෙද්දී ඉල්ලුම් කළා තමන්ට මේ පත්වීම අවශ්‍යයි කියලා.
ට්‍රම්ප්ගේ මීළඟ ඉලක්කය කියුබාව ද?: ඇමෙරිකා-කියුබා සබඳතාවල ස්වරූපය ගැන කෙටි විමසුමක්
වසර ගණනාවක් තිස්සේ කියුබානුවන් නිතර නිතර විදුලිය විසන්ධිවීම් අත්විඳිමින් සිටින අතර, විදුලිබල පද්ධතිය ක්‍රියාත්මක වන්නේ දුර්වල නඩත්තු කටයුතු යටතේ යැයි විචාරකයින් පෙන්වා දෙන බව බීබීසී මුන්ඩෝ පුවත් සේවය වාර්තා කරයි. ජනවාරි මුලදී ඇමෙරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැපයුම් කපා හරින තෙක් කියුබාව විශේෂයෙන් වෙනිසියුලාවෙන් ලැබෙන ඉන්ධන ආනයනය මත දැඩි ලෙස රඳා පැවතිණි.
'බාල ගල් අඟුරු' සිද්ධියේ අක්‍රමිකතා පිළිබඳව විගණන වාර්තාවෙන් හෙළි කර ඇති කරුණු 19ක්
'බාල ගල් අඟුරු' ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර, එම ගල් අඟුරු පරිභෝජනයෙන් සිදුවිය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
Artemis II මෙහෙයුම පෙන්වා දී ඇත්තේ අපට සඳ මත නැවතත් පා තැබිය හැකි බව ද?
Artemis II මෙහෙයුම මේ දක්වා දෝෂ රහිතව සිදු කර ඇත, නමුත් මෙම පරීක්ෂණ පියාසැරිය මගින් නාසා ආයතනය මිනිසුන් චන්ද්‍රයාගේ මතුපිටට යැවීමට සූදානම් බව පෙන්වා දී තිබේ ද?
IPL 2026: නුවන් තුෂාරගේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විරෝධය
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත "විරෝධතා නොමැති බව" සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ගොනු කළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට අද (අප්‍රේල් 9 වැනිදා) දැනුම් දුන්නේය.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
කොන්ඩම් මිල ඉරාන යුද්ධය නිසා ඉහළ යන්නේ ඇයි?
ඉරාන යුද්ධය ලොව කර්මාන්ත රැසක් කම්පනයට පත් කර තිබේ. දැන් එහි බලපෑම ජීවන රටාව ආශ්‍රිත කර්මාන්ත සඳහා දැනෙමින් පවතී. උපත් පාලන කොපු කර්මාන්තය තුළ ද අමුතුම ආකාරයේ නොසන්සුන්තාවයක් මතු වී තිබේ.
QR ගෙවීම් ගැන පාරිභෝගික සහ ව්‍යාපාරික ඔබ දැන ගත යුතු ම කරුණු 3ක්
ශ්‍රී ලංකාව තුළ 'ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය' අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්
පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම ඇරඹේ : එය අධිකරණ කේෂ්ත්‍රයට වැදගත් වන්නේ ඇයි?
ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණය තුළ කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගෙන තිබේ. ඒ, වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩසටහනේ එක් පියවරක් ලෙසයි.



















































