'මගේ ජීවිතයේ හැමදේම පටන් ගත්තේ මට ඇස් පේන්නේ නැතුව ගියාට පස්සේ'
'මගේ ජීවිතයේ හැමදේම පටන් ගත්තේ මට ඇස් පේන්නේ නැතුව ගියාට පස්සේ'
Published
අවුරුදු 26 දී දෙනෙත් පෙනීම සම්පුර්ණයෙන් අහිමි වුව ද කාලිඩ් ඔස්මන් ඉන් කම්පා නොවී ජයග්‍රහණ රැසක් ලබාගත් ක්‍රීඩකයෙකි.
ඔහු බොක්සිං ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ඇති අතර ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු ද වේ. එමෙන්ම ඔහු පිහිනීම, පාපැදි සහ මැරතන් තරග සදහා සහභාගී වේ.
''මගේ ජීවිතයේ හැමදේම පටන් ගත්තේ මට ඇස් පේන්නේ නැතුව ගියාට පස්සේ. මට පේන කාලේ මම මුහුදේ පීනලා නෑ. බොක්සිං හෝ ක්‍රිකට් මට පේන කාලේ කරලා නෑ. මම මේ සැරේ සිව්වැනි දකුණු ආසියානු තරගයෙන් බොක්සිං ක්‍රීඩාවෙන් රන් පදක්කමක් ගත්තා. මම අලුත් අභියෝග ජයගන්න කැමතියි. මට ඕනා මගේ ලිමිට් එක හොයන එක'' යනුවෙන් කාලිඩ් ඔස්මන් BBC සිංහල සේවයට පැවසුවේය.








