වසර 20ක් ඔලිම්පික් සිහිනය හඹා ගිය නෙල්කා ශිරෝමාලා ජයග්‍රහණයේ රහස කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, වසර 20ක් ඔලිම්පික් සිහිනය හඹා ගිය නෙල්කා ශිරෝමාලා ජයග්‍රහණයේ රහස කියයි
Published

අභියෝගාත්මක අවස්ථාවන්හි දී පසුබෑම් වලට මුහුණ දෙන විට ඒවා පරාජයන් ලෙස නොසළකා කටයුතු කළ යුතු බව ඔලිම්පික් තරඟයක විනිසුරුවරියක ලෙස ක්‍රියා කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වෙන නෙල්කා ශිරෝමලා පවසන්නීය.

බොක්සිං ක්‍රීඩිකාවක ලෙස ඔලිම්පික් යන්නට තමා සුදුසුකම් නොලැබුව ද විනිසුරුවරියක ලෙස ඔලිම්පික් යෑමට සුදුසුකම් ලැබුවේ වසරක 20ක් තිස්සේ ඉලක්කය හඹා යෑමේ ප්‍රථිපලයක් ලෙස බව ඇය බීබීසී සිංහල සේවයට පැවසුවාය.

2017 දී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුට පිරිනැමෙන සම්මානය ඇයට හිමි වුණේ එම සම්මානය දිනාගත් පළමු කාන්තාව ලෙසිනි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ලෙස සේවය කරන නෙල්කා බොක්සිං ක්‍රීඩිකාවක් ලෙස මෙන්ම විනිසුරුවරියක් ලෙස වාර්තා රැසකට හිමිකම් කියන්නීය.

නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය : ෂර්ලි උපුල් කුමාර