ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගාල්ලට ආසන්න මුහුදු කලාපයේ සිට යාත්‍රා කළ ඉරාන නෞකාවක් ඇමෙරිකාව භාරයට
- Author, තෝමස් කෝප්ලන්ඩ්
- කියවීමේ කාලය: මිනිත්තු 3
ඉරානයට සහය දක්වන "නීති විරෝධී ජාල බිඳ දැමීමේ" උත්සහයක් ලෙස, එක්සත් ජනපද හමුදා ඉන්දු-පැසිෆික් කලාපයේදී සම්බාධක පනවා ඇති නෞකාවකට "කිසිදු බාධාවකින් තොරව" ඇතුළු වූ බව පෙන්ටගනය පවසයි.
එක්සත් ජනපද යුද්ධ දෙපාර්තමේන්තුව X ඔස්සේ සටහනක් තබමින් පැවසුවේ, "සිය හමුදාව සම්බාධක පනවා ඇති M/T Tifani නම් නෞකාවට ඇතුළු වූ බව සහ එම නෞකාව කිසිදු රටක නිල වශයෙන් ලියාපදිංචි කර නොමැති" බව ය.
පෙන්ටගනය මෙම පුවත පිළිබඳව වූ මෙහෙයුමේ ඡායාරූප සහ වීඩියෝ සමගින් තොරතුරු නිකුත් කර තිබේ.
"නීතිවිරෝධී ජාල කඩාකප්පල් කිරීමට සහ ඉරානයට ද්‍රව්‍යමය සහය ලබා දෙන සම්බාධක පැනවූ යාත්‍රා - ඔවුන් ක්‍රියාත්මක වන ඕනෑ ම තැනකදී නතර කිරීමට" අඛණ්ඩව පියවර ගන්නා බව දෙපාර්තමේන්තුව පවසයි.
''සම්බාධකවලට ලක්වූ නෞකාවලට ජාත්‍යන්තර මුහුදු කලාපවලදී රැකවරණයක් ලැබෙන්නේ නැහැ,'' එහි වැඩිදුරටත් සඳහන් වේ.
නෞකා ගමනාගමන දත්ත නිරීක්ෂණවලින් පෙනී යන්නේ අද (අප්‍රේල් 21) අලුයම ඉන්දියන් සාගරයේදී එක්සත් ජනපද හමුදාව විසින් සිය භාරයට ගන්නා ලද ඉන්ධන ප්‍රවාහන නෞකාව තියුණු හැරීමක් සිදු කර ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 700ක් (සැතපුම් 430) පමණ ගිනිකොණ දෙසින් රැඳී සිටි බවට පෙනී යන බවත් ය.
MarineTraffic දත්තවලට අනුව, ටොන් 300,000කට ආසන්න ධාරිතාවක් ඇති ටිෆනි නම් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ මේ වන විට භාණ්ඩ පටවා තිබේ.
මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාවට එක්සත් ජනපද විදේශ වත්කම් පාලන කාර්යාලය සම්බාධක පනවා ඇති අතර ඉරානය සමග ඇති සබඳතා සම්බන්ධයෙන් ඇමෙරිකානු සම්බාධකවලට යටත් වන ඉන්දියානු නෞකා සමාගමකට එය සම්බන්ධ ය.
නෞකා ගමනාගමන දත්තවලින් පෙනී යන්නේ, ටිෆනි නෞකාව අප්‍රේල් 10 වන දින ගල්ෆ් කලාපයෙන් පිටත්ව ඇති බවත්, පසුව අප්‍රේල් 18 වන දින ශ්‍රී ලංකාවේ ගාල්ල වරාය අසල නතර කර තිබූ බවත් ය. MarineTraffic ආයතනයට අනුව, එක්සත් ජනපද හමුදාව එම නෞකාව සිය භාරයට ගැනීමට පෙර එය ඉරිදා සිංගප්පූරුවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කර තිබිණි.