මහනුවර, අකුරණ මාරාන්තික අනතුර: ඇසින් දුටුවන් හෙළි කළ තොරතුරු; මෙතෙක් දන්නේ මොනවා ද?

අකුරණ අනතුර
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මහනුවර, අකුරණ ප්‍රදේශයේ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේ අද (ඔක්: 19) පෙරවරුවේ මෙම අනතුර සිදුවිය.

සිමෙන්ති පැටවූ ලොරි රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

තුවාල ලැබූවන් අකුරණ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

එම රෝහල් ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

තවත් 4 දෙනෙකු මහනුවර ජාතික රෝහලට මාරු කර යැවූ බව ද ඔහු පැවසීය.

ඇසින් දුටුවන් පළ කළ අදහස්

මේ අතර, අනතුර සිදුවූ අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි පුද්ගලයෙක් බීබීසී සිංහල සේවයට තමන් ඇසින් දුටු දේ විස්තර කළේ, මෙසේ ය.

"අර උඩහ ඉඳලා මේ හතේ කණුව අර ලොකු කර්ව් (curve/වංගුවක්) එකක් තියෙනවා. උඩ හතේ කණුව කියලා කියන්නේ. එතකොට එතන කර්ව් එකක් තියෙනවා, කලිනුත් මේ වගේ වෙලා තියෙනවා. අටක් විතර කලිනුත් ඒව වෙලා තියෙනවා. මේ පාර උඩහ ඉඳලා ලොකු වාහනයක්, ඩෝසරයක් ඇවිල්ලා තියෙනවා, බ්‍රේක් නැතුව. එතකොට බ්‍රේක් නැති නිසා එයා අර කර්ව් එක ගන්නකොට මේ කපලා තියෙන්නේ අනිත් පැත්තට. නැත්නම් අර ලොකු බස් එකක් ඉස්සරහට ඉස්සරහ ආවේ, ඒකට වැදුණා නම් 50කට වැඩිය මැරෙන්න තිබුණා."

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"හැප්පිලා තියෙන්නේ ලොරි දෙකක්, බවුසරයක්, ත්‍රීවීල් කිහිපයක් සහ බයික් දෙක තුනක් විතර."

මේ අතර, අනතුර සිදුවීමෙන් පසු තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගත් මොහොමඩ් නමැති පුද්ගලයෙක් ද සිය අත්දැකීම මෙසේ විස්තර කළේ ය.

"මම ගෙදර හිටියේ, උඩ හිටියේ අපි. දඩස් බඩස් ගාලා සද්දේ ඇහුණට පස්සේ තමයි දුවගෙන ඇවිල්ලා බැලුවේ අපි. බලනකොට ඉතින් ඔක්කොම වෙලා ඉවරයි මෙතන. ඒක බ්‍රේක් නැතුව ඇවිල්ලා උඩ ඉඳන්. බ්‍රේක් නැතුව ඇවිල්ලා උඩ ඉඳන් නතර කරන්න ට්‍රයි කරගෙන ඇවිත් තියෙනවා. ඇවිල්ලා තමයි මෙතන වීල් හතරක් යට කරගෙන, බයික් දෙකක් යට කරගෙන තමයි ගිහිල්ලා වැටිලා තියෙන්නේ පල්ලෙහාට."

ඔහු ප්‍රකාශ කළේ, එම ස්ථානයේ මීට පෙර ද අනතුරු රැසක් සිදුව ඇති බව ය. එම ස්ථානය මාරාන්තික අනතුරු බහුල ස්ථානයක් වුව ද, එය වළක්වා ගැනීමට බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

පළමු පුද්ගලයා: "පල්ලෙහාට වැටිලා තියෙන්නේ?"

"අනිවාර්යයෙන් ම මෙතන ඕගොල්ලන් සඳහන් කරන්න පුළුවන් නම් කියන්න, මෙතන ඉතින් මේක පළවෙනි සැරේ නෙවෙයි. කීප සැරයක් ම වෙලා තියෙනවා. මේක වෙන්නේ කොහොම ද දන්නව ද මේ අනතුර? මේක වෙන්නේ කන්ද නැගලා එනකොට බ්‍රේක් බයින්ඩ් (brake bind) වෙලා තමයි එන්නේ වාහනවල. කන්ද නැග්ගට පස්සේ තියෙන්නේ බෑවුමක් (slope). එතකොට ඒගොල්ලන් එහේ ඉඳන් නියුට්‍රල් එකේ හරි, ස්පීඩ් එකේ හරි එනකොට බ්‍රේක් නැති වෙනවා. අර එයාර් පම්ප් නේ තියෙන්නේ ලොකු... වැකියුම් නේ, වැකියුම් නැතුව තමයි ඇවිල්ලා මෙතන මේ පළවෙනි සැරේ නෙවෙයි මේක දැන්. මේක මේ කීප පාරක් ම මෙහෙම වෙලා සෑහෙන මිනිස්සු නැති වෙලා තියෙනවා."

"ඒ නිසා අනිවාර්යයෙන් ම මෙතන බම්ප් එකක් දාන්න ඕනේ. ඒක අපි කොච්චර කිව්වත් අහන්නේ නැහැ රජයෙන්, කවුරුත් කරන්නේ නැහැ ඒවා. උඩ කොහේ හරි බම්ප් එකක් හරි, මොනවා හරි එකක් දැම්මොත් තමයි ඉස්සරහට වෙන්න පුළුවන් එකක් වළක්වන්න පුළුවන් අපිට. ඉතින් මේක වෙලා ඉවරයි. දැන් අපිත් ඒක දැන් කතා කරගෙන ඉන්නවා, ඒක දවස් දෙකක් ගියා ම අපිටත් ගාණක් නැහැ, එහෙම තමයි වෙන්නේ මෙතන ඇත්ත ම කියනවා නම්."

අනතුර සිදුවූ අවස්ථාවේ තුවාලකරුවන් රැගෙන යාම සම්බන්ධයෙන් ද මොහොමඩ් අදහස් දැක්වීය.

"තුනක් ඩෙත් කන්ෆර්ම් ඒක, අපි දැන් අපි පටවලා යැව්වේ. තව දෙන්නෙක් කකුල් දෙකක් නැතුව ඉන්නවා බයික් එකේ ආපු දෙන්නෙක්. ඒක කකුල් කියලා කියනවා. ඒගොල්ලන්ව මේ මෙතනින් අපි පටවලා යැව්වේ."

අකුරණ
අකුරණ
අකුරණ
අකුරණ

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න...