ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'රස්නේ වැඩි වුණා කියලා කරන්න දෙයක් නෑ... අපේ ජීවිතේ මේක ම නේ...'
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, වව්නියාව, මන්නාරම සහ මොණරාගල දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු මට්ටමක' පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය සති කිහිපය පුරා නිවේදනය කරන ලදී.
BBC සිංහල විසින් කොළඹ අවට සිදුකළ නිරීක්ෂණ වලදී බොහෝ දෙනෙකු පවසා සිටියේ පවතින උණුසුම ශරීරයට දැරිය නොහැකි තරම් අපහසු බවයි. විශේෂයෙන්ම එළිමහනේ රැකියා කරන පුද්ගලයන්ට සිය දෛනික රාජකාරි කරගෙන යාම මේ වන විට අතිශය දුෂ්කර වී ඇත.
මෙම පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය එළඹෙන මැයි මාසයේ අවසන් සතිය දක්වා දිවයින පුරා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවැකි පළ කරයි.