තරුණයන්ගේ මරණ වලට හමාස් සංවිධානයට චෝදනා

Published

පලස්තීනයේ බටහිර ඉවුරේ මරා දමා තිබිය දී හමු වූ ඊශ්‍රායල් ජාතික යොවුන් තරුණයන් තිදෙනාගේ අවමංගල කටයුතු සිදු විය.

මෙම මරණ වලට හමාස් සංවිධානය වගකිව යුතු බව ඊශ්‍රායල් ආණ්ඩුව චෝදනා කරන අතර ඊට ප්‍රතිචාර වශයෙන් එකට එක කරන බවට ප්‍රතිඥා දී තිබේ.

මෙම යොවුන් තරුණයන් තිදෙනා බටහිර ඉවුරේදී අතුරුදහන් වුයේ මීට දෙසතියකට ඉහතදීයි.

හමාස් සංවිධානය මෙම ඝාතනයන්ට සම්බන්ධ නැති බව බව පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කරයි.