ජෛව ඉන්ධන: මෝටර් රථයක්, බොයිලේරුවක් සහ නිවසක් බලගන්වන කුකුළු වසුරු

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මගේ ජීවිතය බලගන්වන්න මම කුකුළු වසුරු යොදාගන්නෙ මෙහෙමයි'
Published

තම නිවස, මෝටර් රථය සහ බොයිලේරුව බලගැන්වීම සඳහා ජීව වායුව භාවිතා කරනා කෙන්යානු ගොවියෙකු වන ඇන්තනි හමුවෙමු.

ඔහු පසුගිය වසර පහ තුළ කෙන්යාවේ ගොවියෙකු ලෙස කටයුතුකර තිබේ. නමුත් ඔහු තම කුකුළන් භාවිතා කරන්නේ බිත්තර සඳහා පමණක් නොවේ.

ඔහු සිය නිවෙස උණුසුම්ව තබාගැනීමේ සිට සිය මත්ස්‍ය පොකුණ නැවත පිරවීම දක්වා වන සෑම ක්‍රියාවකටම ශක්තිය සැපයීම සඳහා කුකුළන්ගේ වසුරු එකතු කරයි.