භූ කම්පනයෙන් පසු තුර්කියේ තත්ත්වය පෙන්වන ඩ්‍රෝන් කැමරා දර්ශන

වීඩියෝ ශීර්ෂ වැකිය, Turkey and Syria earthquake: Drone footage shows Turkey earthquake aftermath
Published

තුර්කියේ හටායි පළාතට සිදුව තිබූ දැවැන්ත ව්‍යසනය මෙම ඩ්‍රෝන් කැමරා දර්ශන මගින් දැකගත හැකිය. දිවි ගලවාගත් පුද්ගලයින් සොයා සහන සේවකයින් සුන්බුන් වූ ගොඩනැගිලි මතට ගොඩ වෙද්දී පවා කඩා වැටුණු ගොඩනැගිලිවලින් දුම් රොටු විහිද යමින් තිබේ.

සඳුදා අලුයම ඇති වූ රික්ටර් මාපක 7.8ක භූ කම්පනයෙන් දකුණු තුර්කියට සහ උතුරු සිරියාවට දැඩි හානි සිදු විය.