නිදහසේ කුණු කූඩය: පිස්නය
Published
නිවසේ කටයුතු සහ පිරිසිදු කිරීම කාන්තාවන්ගේ වගකීමක් ලෙස සාම්ප්‍රදායික මතයක් ගොඩ නැගී තිබේ.
ස්ත්‍රී-පුරුෂභාවය මත තීරණය කර ඇති මෙම සාම්ප්‍රදායික කාර්යභාරවලට සමාජයේ විවිධ කණ්ඩායම්වලින් අභියෝග එල්ල වූවත්, නිවසේ කටයුතු ඉටු කිරීම පූර්ණ හෝ අර්ධ කාලීන රැකියාවක් වන අතර, දැනටත් සිය නිවස පිරිසිදුව, පිළිවෙළට තබා ගැනීමට සමාජයෙන් බලපෑම් එල්ල වේ.
කාන්තාවන් පුරුෂයන්ට වඩා නිවසේ වැඩ කටයුතු ඇතුළු වැටුප් රහිත වැඩ 60%ක් පමණ වැඩිපුර සිදු කරන බව 2016 දී බ්‍රිතාන්‍යයේ සිදු කළ ගවේෂණයක දී හෙළි විය.
පහත ලැයිස්තුවෙන් යමක් තෝරා එය පීඩාකාරී බවේ සංකේතයක් වන්නේ කෙසේ දැයි දැනගන්න
රූපලාවණ්‍ය උපකරණ
"රූපලාවණ්‍ය නොමැතිව නිවසින් එලියට ගියත් පුරුෂයන් ගැන කිසිවක් කියන්නේ නෑ."
තවත් කියවන්න රූපලාවණ්‍ය උපකරණඇඟට අපහසු මෝස්‌තර
"කාන්තාවෝ ඒවා පළඳින්නේ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒවා වේදනාකාරීයි, ප්‍රායෝගික නෑ වගේම ඔබේ ශරීරයට හානිකර වෙන්න පුළුවන්."
තවත් කියවන්න ඇඟට අපහසු මෝස්තරමුළුතැන් ගෙයි උපකරණ
"කාන්තාව අයිති වෙන්නේ කුස්සියට කියන දේ සාමාන්‍යකරණය වීම මට එපා වෙලා තියෙන්නේ." - එමා
තවත් කියවන්න මුළුතැන් ගෙයි උපකරණනිවසේ මෙහෙවර
"සමානාත්මතාව පටන් ගන්නේ පවුලෙන්. ඒ නිසා කොල්ලනේ ඔය පස්ස උස්සලා පිරිසිදු කරන්න පටන් ගන්න."
තවත් කියවන්න නිවසේ මෙහෙවරතනපට
"ලස්සන වෙන්න කියල කාටවත් මට බලකරන්න බෑ. තනපට නැතත් මම ලස්සනයි, ඒ වගේම බුද්ධිමත්." - ලීසා
තවත් කියවන්න තනපටජනප්රිය තරු
"හැම නිරූපිකාවකටම තියෙන්නේ එක වගේ ඇඟක්. එයාලට තියෙන්නේ දුක්ඛිත පෙනුමක් - හරිම නීරසයි!." - වෙන්ඩි
තවත් කියවන්න ජනප්‍රිය තරුමංගල උත්සවය
"මංගල මුද්ද කාන්තා විරෝධීයි කියල මම විශ්වාස කරනවා. මුද්ද පැළඳ ගත්ත කාන්තාව තවත් කෙනෙකුට අයිතියි කියන අදහසක් ඒකෙන් කියවෙනවා." - මැටිල්ඩා
තවත් කියවන්න මංගල උත්සවයසමාජ මාධ්‍ය ජාල
"ජංගම දුරකථන තරුණ අයගේ මානසික සෞඛ්‍යයට බොහොම නරකයි. විශේෂයෙන්ම දැරියන්ට. ඔවුන්ට නිතරම අස්වාභාවික සහ භයානක පරමාදර්ශවලට මුහුණ දෙන්න වෙනවා." - රොෂාන්
තවත් කියවන්න සමාජ මාධ්‍ය ජාලදැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩු
"දැරියන්ට සහ දරුවන්ට වෙන්වුණ සෙල්ලම් බඩුවලින් කරන්නේ සමහර දේවලට විතරක් කැමති වෙන්න කියල දරුවන්ට කියන එක." - ඇනා
තවත් කියවන්න දැරියන්ට වෙන් වූ සෙල්ලම් බඩුතවත් යමක්
පීඩාකාරී බවේ සංකේත යනු කවරක්ද? "නිදහසේ කුණු බක්කිය" ව්‍යාපාරයේ පසුබිම දැනගෙන ඔබේ තෝරාගැනීමක් ද යෝජනා කරන්න
තවත් කියවන්න තවත් යමක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලෝකය පුරා වැටුප් ලැබෙන සහ නොලැබෙන රැකියා සඳහා ගතවෙන කාලය මැන බැලීමේ දී, සංවර්ධිත රටක කාන්තාවක් පුරුෂයෙකුට වඩා දිනකට සාමාන්‍යයෙන් මිනිත්තු 30ක කාලයක් වැඩ කරන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල එය මිනිත්තු 50ක් දක්වා දීර්ඝ වේ.
මෙයින් හැඟවෙන්නේ, දිනකට පැය අටක නින්දක් ලබාගතහොත්, පුරුෂයන් සමග සංසන්දනය කිරීමේදී කාන්තාවන්ට වසරකට කෙටි දින 19ක් ඇති බවය.