ඊශ්‍රායලයේ ලෙනක් තුළින් හමුවූයේ 'ලොව පැරණිම ස්කාගාරය' යැයි ගවේෂකයෝ පවසති

'World's oldest brewery' found in cave in Israel
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉපැරණි නැටුෆියානු පුද්ගලයන්ගේ ආහාර ගැන සාක්ෂි සොයන අතරතුර තිරිඟු සහ බාර්ලිවලින් සාදන ලද මෙම මත්පැන් වර්ගයේ අවශේෂ හමු වී තිබේ
Published

ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයේ ඉපැරණි ලෙනක් තුළින් වසර 13,000ක් පැරණි බීරවල අවශේෂ හමුවී තිබෙන අතර, එය ලෝකයේ පැරණිතම ස්කාගාරය විය හැකි බව ගවේෂකයෝ පවසති.

සංචාරක දඩයම්කරුවන් භූමදානය කරන ලද ප්‍රදේශයක අධ්‍යන කටයුතුවල යෙදෙන අතරතුර මෙම ස්කාගාරය සොයාගෙන තිබේ.

මින් පෙර හමුවූ සාක්ෂි අනුව බීර නිෂ්පාදනය වසර 5,000ක් පැරණි යැයි සඳහන් කර තිබුණත්, නවතම සොයා ගැනීමත් සමග එයට දීර්ඝ ඉතිහාසයක් ඇති බව පෙනී යයි.

පාන් නිෂ්පාදන ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස බීර සාදන ලදැයි පෙර එළැඹ තිබූ නිගමන ද මෙම සොයාගැනීමත් සමග වෙනස් වනු ඇත.

කෙසේනමුත්, ප්‍රථමයෙන් නිෂ්පාදනය කරන ලද්දේ පාන් ද බීර ද යන්න පැහැදිලි නැති බව ගවේෂකයෝ පවසති. මළ ගිය ඇත්තන් සිහි කරමින් ඔවුන්ට ගෞරව දැක්වීම සඳහා කෙරෙන චාරිත්‍ර වෙනුවෙන් පැරැන්නෝ බීර නිෂ්පාදනය කර ඇති බව පසුගිය ඔක්තෝබර් මස පළවූ 'Journal of Archaeological Science: Reports' නම් පුරාවිද්‍යාත්මක සඟරාවේ සඳහන් වුණි.

"මිනිසුන් විසින් නිෂ්පාදනය කරන ලද, ලොව මෙතෙක් හමුවූ පැරණිතම මත්පැන් බවට මෙය පත්වෙනවා" යැයි ගවේෂකයන් කණ්ඩායම මෙහෙයවූ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලි ලියූ (Li Liu) ස්ටැන්ෆර්ඩ් පුවත් සේවයට පැවසීය.

මේ තොරතුරුද කියවන්න:

පැලියෝලිතික හා නියෝලිතික යුග අතර නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ ජීවත් වූ ඉපැරණි නැටුෆියානු පුද්ගලයන්ගේ ආහාර ගැන සාක්ෂි සොයන අතරතුර තිරිඟු සහ බාර්ලිවලින් සාදන ලද මෙම මත්පැන් වර්ගයේ අවශේෂ හමුවූ බව ලි ලියූ පැවසුවාය.

ලෙන් පොළොව තුළ කොටා තිබූ සෙන්ටිමීටර 60ක් දක්වා ගැඹුරින් යුතු ගල් වංගෙඩි තුළ තිබී මෙම අවශේෂ හමු වී ඇත. පැලෑටිවර්ග ඇතුළු ආහාර ගබඩා කිරීමට, කෙටීමට සහ පිසීමට මෙම ගල් වංගෙඩි භාවිත කර තිබේ.

'World's oldest brewery' found in cave in Israel
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු ඊශ්‍රායලය කාමෙල් කඳුවැටියේ, රැඛෆෙත් (Raqefet) ලෙන තුළ මෙම ගල් වංගෙඩි දැකිය හැකිය

වර්තමානයේ ඇති බීරවලට වඩා වෙනස් වූ පැරණි බීර, තලපයක් ලෙස හෝ කැඳ ලෙස තිබී ඇත.

ඔවුන්ට හමුවූ අවශේෂ සමග සංසන්දනය කිරීමේ අරමුණින් ගවේෂකයෝ පැරණි බීර නැවත සෑදීමට කටයුතු කර තිබූහ.

එය සෑදීමට අවශ්‍ය මෝල්ට් ලබාගැනීම සඳහා ධාන්‍ය වගා කර, එයින් සාදා ගත් තලපය රත් කර, පසුව ඊස්ට් දමා පැසෙන්නට තැබූ බව අධ්‍යන වාර්තාවේ සඳහන් වේ.

තවත් තොරතුරු: