ලොව පැරණිම බිලී කොකු විශේෂයක් ජපානයෙන් හමුවෙයි

මසුන් මැරීම සඳහා වසර තිස් දහසකට පෙර භාවිත කරන ලද බව සැලකෙන බිලී කොකු
ඡායාරූප ශීර්ෂ වැකිය, වසර තිස් දහසකට පෙර භාවිත කරන ලද බව සැලකෙන බිලී කොකු
Published

ජපානයේ ඔකිනාවා දූපතේ ගල් ගුහාවක කරන ලද කැණීමකදී මසුන් මැරීම පිණිස භාවිත කරන ලද පෞරාණික බිලී කොකු විශේෂයක් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ පවසති.

සොයාගන්නා ලද බිලී කොකු වසර විසි තුන් දහසක් පමණ පැරණි බව පවසන පුරාවිද්‍යාඥයෝ, වසර තිස් දහසකට පෙර පවා ඔකිනාවා දූපතේ මනුෂ්‍ය වාසයක් පැවති බව එමගින් හෙළි වන බවත් පවසති.

නූතන මිනිසා වසර පනස් දහසකට පමණ පෙර මුහුදු වෙරළබඩ ප්‍රදේශවල වාසය ආරම්භ කළ බවයි, විශ්වාස කෙරෙන්නේ.

ඈත අතීතයේ ජීවත් වූ මිනිසා ලෝකය පුරා විසිර යාමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ධීවර කර්මාන්තය. එහෙත් ඒ සඳහා ඔවුන් භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳ තවමත් වැඩි විස්තර හෙළි වී නොමැත.

මසුන් මැරීම පිණිස භාවිත කරන ලද පෞරාණික බිලී කොකු මීට ඉහතදී ටිමෝරයේදී සොයාගෙන තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, මසුන් මැරීම පිණිස භාවිත කරන ලද පෞරාණික බිලී කොකු මීට ඉහතදී ටිමෝරයේදී සොයාගෙන තිබේ

මසුන් මැරීම පිණිස භාවිත කරන ලද මෙවැනි පෞරාණික බිලී කොකු මීට ඉහතදී ටිමෝරයේදී හමු වී තිබේ. එම බිලී කොකු වසර දහසය දහසක් පමණ පැරණි බවයි විශ්වාස කෙරෙන්නේ.

පැපුවා නිව් ගිනියාවේදී හමු වූ බිලී කොකු වසර දස දහසක් පමණ පැරණි බවත් විශ්වාස කෙරේ.

බිලී කොකු සොයාගත් ගල් ගුහාවේ තිබී පබළු සහ ආහාර කොටස් හමු වූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.