කොලොම්බියා ගුවන් අනතුර: අවමගුල් කටයුතු ඇරඹෙයි

ඡායාරූප මූලාශ්රය, AP
Published
පසුගිය සඳුදා (28) කොලොම්බියාවේදී සිදුවූ ගුවන් අනතුරින් මියගිය බ්රසීල පාපන්දු කණ්ඩායමට අයත් ක්රීඩකයන්ගේ දේහයන් රැගත් යුදහමුදා ගුවන් යානය පිළිගැනීම සඳහා බ්රසීලයේ ජනාධිපති මිචෙල් ටෙමර් අපේක්ෂාවෙන් සිටී.
ජනාධිපතිවරයා විසින් චාපෙකෝ ගුවන් තොටුපලේදී මියගිය ක්රීඩකයන් වෙනුවෙන් විශේෂ ගෞරවාචාරයක් පුදකිරීමට නියමිතව ඇත.
පසුව ඔවුන් අයත් ප්රදේශයේ පාපන්දු ක්රීඩාංගනයේ දී පැවැත්වෙන අනුස්මරණ උත්සවයට ලක්ෂයකට අධික ජනතාවක් සහභාගීවීමට නියමිත බව වාර්තාවේ.
ක්රීඩකයන්ගේ පනස් එක් දෙනාගේ දේහයන් පෙළ ගැස්වීමට නියමිත භුමිය මත දක්නට ලැබුණේ මල් අසුරා, ධජ වලින් සරසා තිබෙන ආකාරයයි.
























