කාශ්මීරයේ ගැටුම් වලින් ඉන්දීය භටයන් දෙදෙනෙක් මරුට

කාශ්මීරය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය මාසයේ ඉන්දීය හමුදා සෙබළුන් දාහත් දෙනෙකු ඝාතනය කිරීමෙන් පසුවයි කාශ්මීර දේශ සීමාවේ ගැටුම්කාරී තත්වයක් ඇතිවූයේ
Published

ඉන්දියානු පාලනයේ පවතින කාශ්මීරයේ රාත්‍රිය පුරා පැවති ගැටුම් වලින් හමුදා සොල්දාදුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දියානු බලධාරීහු පවසති.

ඉන්දියාව සහ පකිස්තානය වෙන්කෙරෙන සීමාව අසල සෝදිසි මෙහෙයුමේ යෙදී සිටියදී සැඟවී සිට එල්ලකළ ප්‍රහාරයකින් එක් අයෙකු මියගිය අතර ඔහුගේ සිරුරේ අවයවකපා දමා තිබුණු බව නිලධාරියෙකු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ සොල්දාදුවා මරා දැමීමෙන් පසු ප්‍රහාරකයන් පකිස්තාන සීමාව වෙත පළා ගොස් ඇති බවය.

එම සිදුවීමෙන් පසු දේශ සීමාව අසළ ඇතිවූ වෙඩි හුවමාරුවකින් දෙවන සොල්දාදුවා මරණයට පත්වූ බව ඔහු ප්‍රකාශ කළේය.

මෑත සති කිහිපය තුළ ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුම්කාරී තත්වය වර්ධනය වෙමින් පැවති අතර එම ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම පිරිස් අවස්ථාවන් කිහිපයකදී මරණයට පත්විය.